*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඉන්ධන නිකුත් කිරීමත් කූපන් ක්‍රමයකට?

අත්‍යාවශ්‍ය ආනයන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමටත්, ආහාර සහ ඉන්ධන මිළදී ගැනීමේදී පාරිභෝගිකයන්ට කූපන් ක්‍රමයක් හඳුන්වාදීමටත් රජයට සිදුවනු ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි. 

ආනයන සඳහා කෝටා ක්‍රමය හඳුන්වා දීම මඟින් ඩොලර් බිලියන 03 පමණ වූ මුදලක් රටට ගලා ඒමට සමත්වනු ඇතිය යන පදනම මත ඉහත ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ආරම්භයේ සිටම නිල සංචිත යළි පිරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සක්‍රියව අනුගමනය කරමින් සිටින අතර, ඒ පවතින විදෙස් ණය තිරසාර ලෙස කලමනාකරණය කරගත හැකි වන පරිදි ණය-නොවන ප්‍රවාහයන් රටතුළට ඇතුල් වීම දිරිමත් කිරීම අරමුණු කොට ගෙනයි.

පවතින ඩොලර් හිඟය සහ ඛණිජ තෙල් නිශ්පාදන මිළ ඉහළ යාම මධ්‍යයේ ස්ථානීය මිළදී ගැනීමේ ක්‍රමයට ආනයනය කරන ඉන්ධන සංරක්ෂණය සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන සිටියි.

ඒ අනුව, ඉන්ධන මිළ ඉහළ නැංවීමේ හෝ කූපන් ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ දක්වා ගෙවීමට නියමිත ණය ප්‍රමාණය පොලී ප්‍රමාණයද සහිතව රුපියල් බිලියන 515 ක පමණ වන අතර, ඒ අනුව ඉහත ක්‍රියාමාර්ගය ගැනීම නොවැළැක්විය හැකි වනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ඉහළ යාම් සිදුවූව ද, ගතවූ මාස හයක පමණ කාලය තුළ ඉන්ධන මිළ ස්ථායී ව පවත්වා ගැනීම රජය සමත්වූ අතර, පවතින තත්ත්වය මත තවදුරටත් එය පවත්වා ගත නොහැකි බව වාර්තා වේ. ඒ අනුව ඉහත ක්‍රියාමාර්ගය ගැනීමට තෙල් සංස්ථාවට සිදුවනු ඇත.

මේ අතර, අඩු මිළට අඩු අළෙවියක් සහිතව අඛණ්ඩව වැඩි මිළට ඉන්ධන මිළදී ගැනීම හේතුවෙන් 2021 වර්ෂය අවසන් වන විට තෙල් සංස්ථාව රුපියල් බිලියන 331 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍යංශය අනාවරණය කරයි.

කෙසේවෙතත්, 2013 වර්ෂයේ සිටම තෙල් සංස්ථාව දළ ලාභයක් උපයා ඇති බවත්, එහි අදායම විකුණුම් පිරිවැය (බදු ද සහිතව) ඉක්මවා යාමට සමත්ව තිබූ බවත් මුදල් අමාත්‍යංශයේ දත්ත පෙන්වා දෙයි.

ඉකුත් වසර 10 ක කාලය තුළ තෙල් සංස්ථාව ඉපයූ දළ ලාභය රුපියල් බිලියන 281 කි. එබැවින්, වර්තමානයේ තෙල් සංස්ථාව ලබන පාඩුව හා එහි පිරිවැයට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම අතර සම්බන්ධයක් පැවතිය නොහැකි බව විද්වතුන්ගේ මතයයි.

විකුණුම් සහ බෙදාහැරීම්, පරිපාලන කටයුතු සහ අවපාතයන් වලට අදාළ සියලු වියදම් ඇතුළු කළ ද, තෙල් සංස්ථාව තවමත් බොහෝ ලාභ ඉපයීමට පසුගිය වසර වල සමත්වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

තෙල් සංස්ථාවේ සමුච්චිත මෙහෙයුම් ලාභය 2011 – 2020 දක්වා කාලය තුළ රුපියල් බිලියන 29 කි. ඒ අනුව, රටේ ප්‍රාග්ධන අවපාතයන් හෝ පොදුකාර්ය පිරිවැය එම ආයතනයේ සමුච්චිත පාඩු සමඟ සමානුපාත කළ නොහැකි බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan