විරුවන් වෙනුවෙන්

Date:

ඉතිහාසයේ ප්‍රථම වතාවට රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කෝටි 75 ක මුදලක් රජය වෙන්කර ඇතැයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි. රණවිරු වැටුප් ප්‍රශ්නය විසදීම ඇතුළු සුභසාධන ක්‍රියාමාර්ග රැසක් ද රජය ගෙන ඇත.

රණවිරුවන් දිරිගැන්වීම සහ පෙළඹවීම මඟින් ව්‍යවසායකත්වය වර්ධනය කර ගැනීමට සහ ඉන් ඵලදායි හා යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවන බව ආරක්ෂක ලේකම් වරයා කියා සිටියේ රණක්ෂිතයට පත් රණවිරුවන් පිරිසකට ආරෝපිත යතුරු පැදි 50ක් පිරිනැමීමේ උත්සවයකදීය. ඊට වැය කෙරුණු මුදල රුපියල් කෝටියකි.(10,000,000) 74 වෙනි නිදහස් සමරු උලෙළේ ආබාධිත රණවිරුවන් පිරිසකට ඒවා ප්‍රදානය කෙරිණි .මේ අතර ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ 11,000 කට උසස් වීම්ද පිරිනැමිණ. 74 වන නිදහස් දිනය වෙනුවෙන් එම උසස් වීම් පිරිනමා ඇත්තේ සන්නද්ධ හමුදා සේනාධි නායක ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනි.

ඒ අනුව

යුධහමුදාවේ නිළධාරීන් 480

සෙසු නිළයන් 8034

ගුවන් හමුදාවේ නිළධාරීන් 175

සෙසු නිළයන් 2338දෙනෙකු සඳහා උසස් වීම් පිරිනමා ඇත .

වීරෝධාර රණ විරුවනි, හිරු නැගෙද්දීද …හිරු බසිද්දීද…නින්දට යන්නේද..අවදි වන්නේද..නුඹ ඉපදුනේද…මියැදෙන්නේද…මාගේ උතුම් මාතෘභූමිය වෙනුවෙන්මය…

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...