පසුගිය යහපාලන කාලයේ නැති දේවල් ඇතිකර හිතු හිතු ආකාරයට නඩු දමා ඇති අතර දැන් එම නඩුවලින් නිදොස් කොට නිදහස් වීමෙන් කර තිබෙන බොරුව පෙනෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
ඒ අද (05) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ අනුව එම කාලයේ කළ බොරුව පිළිබඳ දැන් නිවැරදි තත්ත්වයන් හෙළිදරව් වෙමින් තිබෙන බවයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ.
යහපාලන ආණ්ඩුවේ දෙතුන් දෙනෙක් තමන් ඇතුළු අයටද හිරිහැර කළ අතර තමන්ට මහ බැංකුව ගැන චෝදනා එල්ල කළද එම කාලයේ එය භාරව තිබුණේ රනිල් වික්‍රමසිංහට වන අතර වාණිජ බැංකු අයත්ව තිබුණේ කබීර් හෂීම් ට බවත් කරුණානායක මහතා කියා සිටියේය.
එම කාලය තුළ නැති දේවල් ඇති කර ඇත්ත සැඟවූයේ මාධ්‍ය මගින් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ASK