IMF එක්ක සාකච්ඡා කළාට ප්‍රශ්නයක් නෑ – විමල්ගේ ප්ලග් එක බැසිල් ගලවයි ! (VIDEO)

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට එළඹීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රශ්නය – IMF පියගැටපෙළ නගින්න හදන්නෙ මුදල් ඇමතිවරයා ?

“අපි මුල ඉඳන්ම කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක් එක්ක සාකච්ඡා කිරීම නෙවෙයි ප්‍රශ්නේ, රටට අහිතකර කොන්දේසි ආවොත් එකඟ වෙනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. සාකච්ඡා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් අපට නෑ”

ප්‍රශ්නය – ඒ වුණාට මේ වෙනකොට මුදල් ඇමතිවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර තියෙනවා නේද පරස්පර විරෝධී අදහස් ටිකක් ?

“ඒක ඒ දෙන්නාගෙන් අහන්න”

ප්‍රශ්නය – දැන් කොහොමද ආර්ථික තත්වය රටේ ?

( පිළිතුරු නොදෙයි )

ප්‍රශ්නය – ඒ කියන්නෙ දැන් ඔබතුමාලා වැඩ ලක්ෂයක් පටන් අරගෙන තියෙනවා, සල්ලි තියෙනවාද ? ඩොලර් නෑ කියනවා ?

“ඔව් ඉතිං වැඩ ලක්ෂයක් පටන් ගන්න ඇත්තේ සල්ලි තියෙන හින්දානෙ …”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමාලා ඒ ගැන එච්චර දැනුවත් වීමක් නැද්ද, එහෙම නැත්නම් කැමති නැද්ද මේ වැඩපිළිවෙලට ?

“නෑ, එහෙම එකක් නෑ”

ප්‍රශ්නය – ඔබතුමා ආණ්ඩුව ගැන කළකිරීමෙන්ද ඉන්නෙ ආයෙම සැරයක් ?

“………….. කවුද එහෙම කියන්නෙ ?”

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ තලංගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ලබාදීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් මුල පටන්ම විරෝධයක් නොදැක්වූ බවක් විමල් වීරවංශ මහතා මෙතැනදී කීවත් අපට නම් මතක ඇත්තේ ඔහු දැඩි IMF විරෝධියෙකු වශයෙනි. IMF එකට ගසා ඇති ප්ලග් එක ගැලවීමටත් ඔහු ඒ කාලයේදී කතා කළා අපට මතක ය. දැන් පෙනී යන්නේ විමල් වීරවංශ මහතාගේ IMF විරෝධී ප්ලග් එක බැසිල් රාජපක්ෂ මහතා විසින් ගලවා දමා ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...