පොලිසියෙන් විශේෂ දැනුම් දිමක්, ඔබත් කුලී නිවාස සපයන්නෙක්ද? අපරාධකරුවන්ට හසුවන්න එපා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW):කුලී පදනම මත නිවාස ලබා දෙන්නන්ට පොලිසිය විශේෂ දැනුම් දිමක් සිදු කරයි. ඒ ඊයේ (04) යාපනය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟයි.

යාපනය ප්‍රදේශයේ දරුණු අපරාධ රැසක් සිදුකළ කප්පම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වන ආවා නමැති කල්ලියේ නායකයා බවට සැක කෙරෙන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණ අතර, ඔහු අවුරුදු 25 ක් වන කවුෂිකන් නීලයම් වනෙයි නමැත්තෙකි.

පොලිසිය ප්‍රකාශ කළේ, ප්‍රභා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන මෙම පුද්ගලයා මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මෙම සිද්ධියත් සමඟ පොලිසිය නිවාස කුලියට දෙන්නන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර ඇත.

ඒ අනුව කුලී පදනම මත නිවාස ලබාගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරුකර ගත යුතු අතර කිසියම් හෝ සැකයක් පවතීනම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසයි පොලිස් මූලස්ථානය ජනාතාවගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...