*
Friday, May 17, 2024
spot_img

Latest Posts

අපේ බලවේගය පරදවන්න වෙනත් බලවේගයක් ලංකාවේ නැහැ – ටිල්වින්

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): අද රටේ ජනතාව ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් බිංදුවට වට්ටපු, බංකොලොත් කළ රටක බවත්, ඉදිරියේ ඇති අභියෝගය සරල එකක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටී.

රට බංකොලොත් කියල පිළිගත්ත ආණ්ඩුවක්, ගෝල්ෆේස් ගාවට ගිහින් මුහුදට වෙඩි තිබ්බාට වැඩක් නැති බවද ඔහු පවසයි.

වැඩිදුරටත් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ,

අපේ රටේ සමාජය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කාන්තාවක් කළත් කාන්තාවන්ට ප්‍රමුඛත්වයක් ලැබුණේ නැහැ. දේශපාලනයේදිත් ඔවුන්ව ඈත් කර තිබුණේ. අපට අද කාන්තාවන් බලවේගයක් ලෙස, සංවිධානයක් ලෙස ගොඩනගන්න හැකිවෙලා තිබෙනවා. මේ ඉන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ‘කාන්තා බලවේගය’. ඉතිහාසයේ පළමුවෙනි වතාවට කාන්තාවන් බලවේගයක් ලෙස සංවිධානය වී, සමාන අයිතිවාසිකම් සහිතව ඉස්සරහට ආ අවස්ථාව. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා වෙන වෙනම ආවත්, එකතු වෙලා ආවත් ඉදිරි දේශපාලනයේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය සතුයි.

මේ බලවේගය පරදවන්න වෙනත් බලවේගයක් ලංකාවේ නැහැ. 05 රනිල් වික්‍රමසිංහ ඡන්ද වැඩ පටන් ගන්න දඹුල්ලට එනවාලු. ඉඩම් ඔප්පු දෙන්න වසම් වශයෙන් කාන්තාවන් එකතු කරනවා. අපේ ඉඩම් නිරවුල් නැහැ. අපිට ඉඩම් නැතිකම පාවිච්චි කරලා එයලා විටින් විට ඔප්පු දෙනවා. ඔප්පුව ලැබෙනවා ඉඩමේ අයිතිය ලැබෙන්නේ නැහැ. අපට ඔප්පු දුන්නාට ඉඩම් විදෙස් සමාගම්වලට දෙන්න යනවා. ආණ්ඩුවට අයිති කිරි ගොවිපොළවල් 32ක් ‘ඉන්දියාවේ අමුල්’ සමාගමට දෙන්න යනවා. ඒ ගොවිපොළවල් 32ක ඇතුලේ තිබෙනවා ඉඩම් අක්කර 28,000ක්. එහෙම රැවටීමක් මේ ඔප්පු දෙමින් කරගෙන යනවා. එක දවසක ඉඩම් ඔප්පු දෙන්න, අස්වැසුම දෙන්න, අඩු ආදායම්ලාභීන්, ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ලෙස කණ්ඩායම් ගෙනල්ලා රවට්ටලා, තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්න හදනවා. අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා, ඒ පරණ සෙල්ලම් දැන් වලංගු නැහැ. ඒ පැරණි දේශපාලනය පරද්දලා, මොන ඡන්දෙ ආවත් මාලිමාව ජයග්‍රහණය කරවන්න අපේ රටේ ජනතාව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුවට ලොකු හයියක් ඇවිත් තිබෙනවා, ‘කාන්තා බලවේගය’. මෙතෙක් කල් සැඟවී සිටි කාන්තාවන් බලවේගයක් ලෙස, අධිෂ්ඨාන සහගතව ඇවිත් කියන්නේ, ඕගොල්ලෝ මොන ඡන්දය ගෙනාවත් ‘මේ පාලකයෝ පරද්දලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න අපි සූදානම්’ කියන පණිවිඩයයි.

ඕගොල්ලෝ මෙතනට ඇවිත් තිබෙන්නේ සමෘද්ධිය ගන්න, අස්වැසුම හදාගන්න, ඉඩමක ඔප්පුවක් ගන්න නොවෙයි. අවුරුදු 76ක් තිස්සේ අපේ රටේ තිබුණු පාලනය වැරදියි, ඒක වෙනස් කරන්න ඕනෑ. වෙනස් කරන්න පෙරමුණ ගන්න අපි ලැහැස්තියි කියන විශ්වාසයෙන්. අපි මේ බලය ගන්නයි හදන්නේ. අපි ඔක්කෝම එකතු වෙලා ඒ බලය පාවිච්චි කරලා, ඒ බලය යොදවලා අපේ රට වෙනස් කරන්න ඕනෑ. ඔබට, අපට තිබෙනවා විශාල කාර්යභාරයක්. මේ දුෂ්ට, හොර නඩය පරද්දලා මහජනතාවගේ ආණ්ඩුවක්, ගැහැනු පිරිමි හැමෝටම සමාන අයිතිවාසිකම් තිබෙන කාන්තාවන්ට ගෞරවයෙන් සලකන සමාජයක් හදන්න ඕනෑ. ඒ සමාජය ඇතුලේ දැවැන්ත වෙනසක් ඇති කර ගන්න අපට අවබෝධයක් තිබෙන්න ඕනෑ.

අපි ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් බිංදුවට වට්ටපු, බංකොලොත් කළ රටක. ඉදිරියේ ඇති අභියෝගය සරල එකක් නොවෙයි. පොහොර ටික දෙන එක හෝ කැරට් මිල අඩුකරන එකක් නොවෙයි. සහන දෙන එක, රුපියල් පන්දහසකින් වැටුප් වැඩිකරන එක නොවෙයි. අපි ඉදිරියේ තිබෙන්නේ වට්ටපු විනාශ කරපු ආර්ථිකයක් ගොඩගන්න එක. මේ පොලොන්නරුව විශාල ගොවි ජනතාවක් ඉන්න, අපේ රටට බත සපයන දිස්ත්‍රික්කයක්. හැබැයි දුප්පත් අය වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ මේ දිස්ත්‍රික්කවල. අපිට මිනිසුන් ලෙස ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. රට බංකොලොත් කියල පිළිගත්ත ආණ්ඩුවක්. ගෝල්ෆේස් ගාවට ගිහින් මුහුදට වෙඩි තිබ්බාට වැඩක් නැහැ. බංකොලොත් වෙලා වසර දෙකක් ගතවෙලා. අපේ දරුවන්ගේ හිස මත දැවැන්ත ණය කන්දක් තිබෙනවා. රට ලෝකෙට ණයයි. ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ඉන්නවා. ණය බරින් මිරිකුණු ජාතියක් ඉන්නේ. වාර්තාවලින් පෙන්වලා තිබෙන් ජනගහනයෙන් බහුතරයක් තුන්වේල කන්නේ නැහැ. දැන් ආණ්ඩුව නැවතත් රුපියල් බිලියන එකොළොස් දහසක් ණය ගන්න බලාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් බදුබර පටවනවා. වට්ටපු ආර්ථිකය ගොඩගන්න ඕනෑ. ඒ සඳහා වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෑ. එහෙම ආර්ථිකයක් හැදීමට එකතු කළ හැකි දැවැන්තම බලය තමයි කාන්තාවන්ගේ ශක්තිය. ඒ වගේම ආර්ථිකයේ ප්‍රතිලාභ හැමෝටම සාධාරණව බෙදෙන්න ඕනෑ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan