වැලිකඩ පොලිසියට ගිය NPP නායිකාවෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): වැලිකඩ පොලිසියෙන් කළ කැඳවීමට NPP නායිකාවන් එම පොලිසිය වෙත පැමිණි බව ම පක්ෂය පවසයි. ඒ අද (05) පස්වරුවේදීය.

පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරමින් පහර දුන් අතර එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (05) සවස 3.00ට වැලිකඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එම දැනුම් දීමට අනුව හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි, නීතිඥ නිමලා සිරිවර්ධන යන අය පෙනී සිටි අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල, නීතිඥ අකලංක උක්වත්ත, නීතිඥ ජගත් අබේනායක යන අයද වැලිකඩ පොලිසිය වෙත පැමිණ තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...