එක්සත් ජනපද සම්බාධක වලට එරෙහිව එක්සත් වන ලෙස ඉරාන ජනපති ඔපෙක් සංවිධානයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙහෙරානයේ තෙල් අපනයනය බිංදුවට ගෙන යන බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඊට එරෙහිව එක්සත් වන ලෙස ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඔපෙක් සාමාජිකයින්ගෙන් ඉල්ලා තිබේ.

ටෙහෙරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වලක්වාලීමේ අරමුණෙන් ඉරානයට එරෙහිව උපරිම පීඩන සම්බාධක ව්‍යාපාරයක් දියත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ජනාධිපති නියෝගයකට පසුගියදා අත්සන් කිරීමෙන් අනතුරුව ඔපෙක් මහලේකම් හයිතම් අල්-ගයිස් සමඟ පැවති රැස්වීමකදී ඉරාන ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

ඉරාන බොරතෙල් අපනයනය දැනට දිනකට බැරල් මිලියන 1.5 ක් (bpd) නිපදවන අතර ඉන් බහුතරය චීනය වෙත අපනයනය කෙරේ . එය සමස්ත ලෝක සැපයුමෙන් සියයට 1.4කට සමාන වන අතර බොරතෙල් නිෂ්පාදකයින්ට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම බලශක්ති වෙලඳපොලවල් අස්ථාවර කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...