*
Thursday, February 6, 2025
spot_img

Latest Posts

සොබා දහම අපට දෙන නීරෝගි සුවය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ (LNW):

ස්වභාදහම අපට නිතැතින්ම පිරිසිදු වාතය, හිරු එළිය මෙන්ම ,ජලය ලබාදෙන අතර, මිනිස් සිරුරට වඩාත්ම යෝග්‍යවූ ඖෂධ වර්ග රාශියක්ද සපයයි. නමුත් අවාසනාවකට සේම වත්මන් පරම්පරාව ශීඝ්‍රයෙන් ලෙඩ රෝග වලට ගොඳුරු වෙමින් සිටින්නේ, මෙම දිව්‍ය ඖෂධ ගැන එතරම් තැකීමක් නොදක්වන හෙයිනි. කුඩා අසනීපයකට වුවද හුරුව ඇත්තේ බටහිර ඖෂධ සඳහා යොමු වීමටයි. එහි ප්‍රථිඵල ලෙස ජනතාවගේ ප්‍රතිශක්තිය හීන වී ඇත.

නමුත් අප ජීවත් වන්නා වූ පරිසරයේ බහුලව ඇත්තේ අපේ නිරෝගී කම රැකෙන සරල අත් බෙහෙත්‍ ය.

කොත්තමල්ලි වතුර, උණ සෙම්ප්‍රතිශ්‍යාව පැතිරෙන කාලයට පානය කරනවා නම් ප්‍රතිශක්තිය ඉහළ නැංවී ඒ රෝගවලින් බේරී සිටීමට පුළුවන් වගේම, මුවේ නිතර තුවාල සෑදෙන අයටද ඉතා ගුණදායක ඖෂධයකි.

මේ කාලයේ උණුසුම් කාලගුණයක් පවතින අතර, ඒ සඳහා කදිම පානයක් ලෙස පිපිඤ්ඤා පෙති 11, මිංචි කොළ ඉත්තක්, රෝස වතුර තේ හැඳි භාගයක්, සහිඳ ලුණු සහ සීනි ස්වල්පයක් බ්ලෙන්ඩ් කර ජලය සමඟ පානය කළැ හැක, එය සිරුර සිසිල් වෙයි.

සොබා දම අපට නීරෝගි සුවය පවත්වාගෙන යාමට අවශ්‍ය බොහෝ දෑ සම්පාදනය කර තිබේ. එහෙත් අප ඉන් නිසි පල නෙලා ගන්නේ නැත.

ඔසු ගුණයෙන් පිරී ඇති තුරුලිය මල්වල කොටස් බොහොමයක් අමුවෙන් මෙන්ම තම්බා ද ආහාරයට ගැනීමට පුළුවන. ආයුර්වේදයේ තම්බා පෙරා පානය කළ හැකි ඖෂධීය පාන ගණනාවක් ඇති අතර මේවා පානය කරනවා නම් ආයුෂ බොහෝ වන බව නම් නිසැකයි. ඒ නීරෝගි සුවය ද ජීවිතයට එක් කරමිනි.

විජලනය ජලය හා විවිධ පාන වර්ග ගැනීමේ ප්‍රධාන අරමුණකි. ඊට අමතරව ඒවා නින්ද නොයාම, බර අඩුකර ගැනීම වැනි බොහෝ කාරණා ඉටු කර දෙයි.

බර අඩු කරන පාන

සූදුරු ඇට තේ හැඳි භාගයක්, කොත්තමල්ලි ඇට තේ හැඳි භාගයක්, මහදුරු තේ හැඳි භාගයක්, වතුර කෝප්ප 1 ක ජලයේ තම්බා පානය කරන්න. මඳ උණුසුම තිබියදී පානය කිරීමෙන් හා දවස පුරා බිඳෙන් බිඳ පානය කිරීමෙන් හොඳ ප්‍රතිඵල නෙලා ගත හැකියි.

නෙල්ලි යුෂ කෝප්ප භාගයක් නැවුම් කෝමාරිකා ජෙල් මේස හැඳි 2 ක් මිශ්‍රකර අවශ්‍ය තරම් ජලය ගෙන තම්බා පානය කරන්න.

ත්‍රිපලා පානය බර අඩු කිරීමට පමණක් නොව තවත් බොහෝ දේට ගුණදායකය. එහි විස නාශක ගුණය නිසා රුධිර සංසරණය වැඩි දියුණු කරයි. ප්‍රදාහයන් වළක්වයි. හෘදයේ සුවතාව සුරකී. මලබද්ධය වළක්වයි. ජීර්ණය වැඩි දියුණු කරයි. දිනකට ජලය සමඟ මිශ්‍ර කර දෙවරක් ත්‍රිපලා මිලි ලීටර් 30 ක් පානය කරන්න. ගර්භණී මවුවරුන්ට හැර අන් හැම දෙනාටම ගුණදායකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan