ජනාධිපති හා නීතිපති අතර හමුවක්!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවීමට නියමිත බව සඳහන්.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිදුවීම මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන අතර එම කාරණය මුලික කරගනිමින් මෙම හමුව සිදුවෙන බවයි වාර්තා වන්නේ.

නීතිපතිවරයාගේ එම නිර්දේශයට ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නොමැති අතර එම නිර්දේශය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවටයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද පවසා සිටියේ.

කෙසේවෙතත් නීතිපතිවරයාගේ මෙම අන්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද දහවල් 12 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...