රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ මෙරට ආර්ථික වශයෙන් පතුලේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය වෙනුවෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

එමෙන්ම කවුරු කවදා කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ සියලුදෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම විශ්වාසය සහ අවධානය දිනාගන්නා වසර බවට මෙම වසර පත්වනු ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...