පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ආරක්ෂා කිරීම : මටත් මේ ආණ්ඩුව සැකයි – සනත් නිශාන්ත (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් තමන්ගේත් හෘදසාක්ෂියට අනුව සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

“අපේ කාදිනල් උන්වහන්සෙ කොන්ද පණ තියෙන නායකයෙක්. බැලූ බැල්මට උන්වහන්සේගේ වචන සමහර අයට නොරුස්සනවා වෙන්නත් පුළුවන්. හැබැයි රිස්සුවත් නොරිස්සුවත් උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණු කාරණාවල ඇත්ත තියෙන්නෙ. මමත් මේකෙ දරණ මතයක් තියෙනවා.

පාස්කු ප්‍රහාරය වෙලාවේ තොරතුරු වසන් කළායි කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැයි කියලා, එදා හිටපු පොලිස්පතිතුමා, එදා හිටපු ආරක්ෂක ලේකම්තුමා අද ඉන්නෙ හිරගෙදර නම් ඔය කියන කාලසීමාව අස්සේ ආරක්ෂක සේනා විධායකයා හැටියට, ප්‍රධානියා හැටියට හිටියේ සිරිසේන ජනාධිපතිතුමා නම් එතුමාව ගෙන්නලා එතුමාගෙන් කට උත්තරයක්වත් ගන්නෙ නැත්නම් රජය පැත්තෙන් යම්කිසි ආකාරයකින් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කතෝලිකයෙක් හැටියට හෘදසාක්ෂියක් තියෙන මිනිහෙක් හැටියට මගේ හදවතත් කතා කරනවා. ඒ නිසා අද ජනාධිපතිතුමා, අගමැතිතුමා යම්කිසි දෝෂාරෝපණයක් ලබනවා නම් අපේ නායකයො දෙදෙනාත් හෘදසාක්ෂියෙන් අහලා බැලුවොත් හොඳයි කියන කාරණය මම කියනවා”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල ගම්මාන කිහිපයක් ආවරණය කරමින් ලක්ෂ 43ක වියදමින් ඉදිවූ අලිවැට විවෘත කිරීමේ උත්සව අවස්ථාවට පෙරේදා (04) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...