Ana වලින් පසු Batsirai එයිද?

0
442

ඉකුත් සතියේ දකුණු අප්‍රිකානු රටවලට බලපෑ මාරාන්තික කුණාටුව දේශගුණික අර්බුදයේ වත්මන් යථාර්ථය පෙන්නුම් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිදනයේ නිලධාරියෙක් පෙන්වා දෙයි.

Ana නැමති කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් මියගිය සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇත. තවමත් එම කපායේ බොහෝ ප්‍රාන්ත යථා තත්වයට පත්ව නොමැත.

මැඩගස්කරය, මොසැම්බික් සහ මලාවි යන ප්‍රදේශවල මාර්ග සහ පාලම් ගසාගෙන ගොස් ඇති බැවින් විසන්ධි වී ඇති දස දහස් ගණනකට ළඟා වීමට සහන සේවකයන්ට දැඩි උත්සහයාක් දැරීමට සිදු විය.

මේ වන විට සියලු මුදවා ගැනිම් කටයුතු අවසන් කර ඇති අතර,ජන ජිවිතය යතා තත්වයට පත් කිරිම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ.

එමෙන්ම Batsirai ලෙස හැදින්වෙන දෙවන කුණාටුව මෙම සතියේ අප්‍රිකානු මහාද්වීපයට පහර දෙනු ඇත්දැයි බලධාරීන් දැන් විමසිල්ලෙන් සිටි.

පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් 120,000ක් පීඩාවට පත් වූ මොසැම්බික්හි, යුනිසෙෆ් හි නියෝජිතමාරියා ලුයිසා ෆෝනාරා, ඇනා කුණාටුව විස්තර කළේ දේශගුණික විපර්යාස ඇති කරන බලපෑම පිළිබඳ සිහිකැඳවීමක් ලෙසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද මේ පිලිබඳ සිය අවදානය යොමු කරන්ට විය.

2019 එම කලාපයට බල පෑ ඉඩායි සුළි කුණාටුවෙන් පසු නැවත ගොඩනැගුණු යටිතල පහසුකම් කිහිපයක් යළිත් විනාශ වී ඇත.

පසුගිය සඳුදා කුණාටුවේ පහර කෑමට ලක් වූ දුන් පළමු රට වූ මැඩගස්කරයේ, මියගිය සංඛ්‍යාව 48 ක් වන අතර 72,000 කට පමණ ඔවුන්ගේ නිවාස අහිමි විය.

කුණාටුව නික්ම ගිය මලාවියේ ජනාධිපති ලාසරස් චක්වේරා එරට හදිසි තත්වයක් එදින කිහිපය තුල ප්‍රකාශයට පත් කළේය. එරට තුළ 20 දෙනෙක් මිය ගියහ.

ඉන්දියන් සාගරයේ නිර්මාණය වී බටහිර දෙසට ගමන් කරන නිවර්තන කලාපීය බත්සිරායි කුණාටුව පිළිබඳව කාලගුණ බලධාරීන් දැඩි අවධානයෙන් මේ වන විටත් පසුවේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here