රාජ්‍ය සේවයට මීට වඩා මොකුත් කරන්න බෑ. භාණ්ඩාගාරයේ සල්ලි එයාලාට පඩි දෙන්න විතරක් වෙන් කරන්න බෑ – ඇමති TB

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සේවක වෘත්තීය සමිති මේ දිනවල විවිධ උද්ඝෝෂණ කරමින් සිටියත් ඔවුන්ගේ වැටුප් හෝ දීමනා මීට වඩා වැඩිකළ නොහැකි බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“දැන් මේ දවස්වල ඔය වෘත්තීය අයිතිවාසිකම් ගැන ලොකු උද්ඝෝෂණයක් යනවා. මෙවර අයවැයෙන් – අපි සමස්ත අයවැය ගත්තොත් – වෙන් කරන මුදලින් තුනෙන් එකකට වැඩිය වෙන් වෙන්නේ පඩි වැඩිවෙනවා, දීමනා වැඩිකරනවා. ඉතින් ඊට වඩා රාජ්‍ය සේවයට මොකුත් කරන්න බෑ. රාජ්‍ය සේවය ලක්ෂ 12යි, තව එළියෙ ලක්ෂ 200කට වඩා ඉන්නවා. ඒගොල්ලන්ටත් කරන්න ඕනෙ, නේද ? මේ ව්‍යාපෘතිවලත් මුදල් වෙන් කරන්න ඕනෙ. මේ සල්ලි ඔක්කොම පඩි නඩි ගෙවන්න වෙන් කරන්න බෑ. රටේ අහිංසක මිනිස්සු ඉන්නවා රජයේ සේවයක් නොකරන, පුද්ගලික අංශයේ සේවයක් නොකරන, කුලී වැඩක් මොනවා හරි කරගෙන ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට තමයි මේ ගෙවල් හැදෙන්නෙ. ඒවාත් සරල ගාණක් නෙවෙයි, ලබන අවුරුද්දේ මිලියන 15,000ක්. ලක්ෂවලින් ගත්තොත් ලක්ෂයේ ගොඩවල් 150,000ක්. සරල නෑ. ඇළ අමුණු හදන්න ඕනෙ, වැව් හදන්න ඕනෙ. කෘෂිකර්ම අමාත්‍යාංශය මිලියන 77,000කට වඩා වෙන්කරලා තියෙනවා ලබන අවුරුද්දේ එව්වා හදන්න. ඒක විශාල මුදලක්. විපක්ෂය කට ඇරියොත් කියනවා භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා, ඒක වෙන් කරන්න කියලා. පඩි දෙන්න විතරක් වෙන් කරන්න බෑ. මේවාත් හදන්න එපැයි නේද ? පාරවල් හදන්නත් ඕනෙ”

ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස ආධාර ලබාගෙන කදුරුවෙල ප්‍රදේශයේ ඉදිකළ නිවාස 06ක් විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (24) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nvidia ආන්දෝලනයෙන් පසු සිංගප්පූරු AI සමාගමකට ඇමරිකාවෙන් දැඩි තීරණයක්! 

සටහන – පුලීනොවැම්බර් 24, LNW (කොළඹ): Nvidia සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ...

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ඉන්දියන් සාගරයේ...

දියවැඩියා සහ හෘද රෝගී ප්‍රතිකාර වෙනුවෙන් කැබිනට් අනුමැතීන් දෙකක්!

කොළඹ LNW:දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන බයිපසික් අයිසොෆේන්...