එක්සත් රාජධානියේ වෙසෙන පොඩ්ඩන්ගේ සෞඛ්‍ය එතරම් සුභදායී නැහැ!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ වයස අවුරුදු පහට අඩු ළමුන් අතර නරක අතට හැරෙමින් පවතින සෞඛ්‍යයට වහා අවධානය යොමු කළ යුතු බව එරට විශේෂඥයෝ පවසති.

වෛද්‍ය විද්‍යා ඇකඩමිය විසින් “ළදරු මරණ, තරබාරුකම සහ දත් දිරායාම” වැනි ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ලෙස අවුරුදු පහට අඩු ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බව පෙන්වා දෙයි.

දරුවන්ගේ ගැටලු ඔවුන්ගේ අනාගතය සීමා කරන බවත්, ආර්ථික සමෘද්ධියට හානි කරන බවත් වැඩිදුරටත් පැවසීය.

රජය ප්‍රකාශ කර සිටින්නේ, ළමා සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දෙන බවයි.

“දැන් සහ දිගු කාලීනව දරුවන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා අපි සැලකිය යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන” බව ප්‍රකාශිකාවක් පැවසීය.

ළමුන්ගේ ආහාරවල සීනි අඩු කිරීමට පියවර ගැනීම සහ මානසික සෞඛ්‍ය සේවා සහ දන්ත වෛද්‍ය විද්‍යාව සඳහා ආයෝජනය කිරීම මෙයට ඇතුළත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

නමුත් එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාඥයින් සහ සෞඛ්‍ය පර්යේෂකයන් නියෝජනය කරන ඇකඩමිය පෙන්වා දුන්නේ මෑත වසරවලදී ළමා සෞඛ්‍ය පිළිබඳ ප්‍රගතිය ඇනහිට ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...