එක්සත් රාජධානියේ වෙසෙන පොඩ්ඩන්ගේ සෞඛ්‍ය එතරම් සුභදායී නැහැ!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ වයස අවුරුදු පහට අඩු ළමුන් අතර නරක අතට හැරෙමින් පවතින සෞඛ්‍යයට වහා අවධානය යොමු කළ යුතු බව එරට විශේෂඥයෝ පවසති.

වෛද්‍ය විද්‍යා ඇකඩමිය විසින් “ළදරු මරණ, තරබාරුකම සහ දත් දිරායාම” වැනි ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ලෙස අවුරුදු පහට අඩු ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බව පෙන්වා දෙයි.

දරුවන්ගේ ගැටලු ඔවුන්ගේ අනාගතය සීමා කරන බවත්, ආර්ථික සමෘද්ධියට හානි කරන බවත් වැඩිදුරටත් පැවසීය.

රජය ප්‍රකාශ කර සිටින්නේ, ළමා සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දෙන බවයි.

“දැන් සහ දිගු කාලීනව දරුවන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා අපි සැලකිය යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන” බව ප්‍රකාශිකාවක් පැවසීය.

ළමුන්ගේ ආහාරවල සීනි අඩු කිරීමට පියවර ගැනීම සහ මානසික සෞඛ්‍ය සේවා සහ දන්ත වෛද්‍ය විද්‍යාව සඳහා ආයෝජනය කිරීම මෙයට ඇතුළත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

නමුත් එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාඥයින් සහ සෞඛ්‍ය පර්යේෂකයන් නියෝජනය කරන ඇකඩමිය පෙන්වා දුන්නේ මෑත වසරවලදී ළමා සෞඛ්‍ය පිළිබඳ ප්‍රගතිය ඇනහිට ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...