*
Friday, May 17, 2024
spot_img

Latest Posts

රගර්වල වලිග බල්ලාව වනන තැනට පත්වීම

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 06, කොළඹ (LNW): ශ්‍රී ලංකා රගර් මීට වසර ගණනකට පෙර දක්වාම හැසිරුණු මෑත ඉතිහාසය වෙනස් වී ක්‍රීඩාවක් හැටියට ඊට අනන්‍ය වූ මාවතක යන්නට ගත්තේ මීට වසර පහකට හයකට පෙරදී ය.දේශාපාලනයට නොව ආසියාව පවා සිය රටට තමන්ගේ සීමාව ඉක්මවා පැමිණ අත පොවන්නට උත්සාහ කළොත් ඊට නොනැමෙන සේ කොඳු කෙළින් කර ගෙන සිටි ඒ පාලනය වෙනුවෙන් අපි ද පෙනී සිටියෙමු.

මන්ද මෑත ඉතිහාසයේ අපට ඇති රළු මතකවලට අනුව සිඳු වුණේ ඊට වෙනස් කතාය.විදේශිකයින් යොදාවා ක්‍රීඩා කරන්නට ගොස් ලෝකය ඉදිරියේ රෙදි ගලවා ගන්නට සිඳු විය.තවමත් දඩ ගෙවන්නේය.විවිධ අන්දමේ සැණකෙළි සිරි තරගාවලි පවත්වා රටේ නායකයා ද කැදවා බලධාරීන් ලකුණු දමාගෙන රගර්වලට පිටින් සිය පැවත්මට වැඩ කර ගනිද්දී රගර් ගිණුම ක්‍රමයෙන් හිස් විය.ඉහළ ගියේ ණයය.

මේ නිසාම රිස්ලි ඉල්ලියාස්ගේ නායකත්වයෙන් පැමිණි කණ්ඩායම වෙනසක් සහිතව දෙපයින් සිට ගැනීමට හැකි සැබෑ රගර් පෞරුෂයක් විඳහා පෙන්වීය.ඔහු උපක්‍රමිකව රගර් ඒ පෙණුමත් සමඟ ඉිරියට යා යුතු බැවින් ඉල්ලා අස් වුව ද,ඒ කොන්ද සහිතව ශ්‍රී ලංකා රගර් පෙරට යනු ඇතියි අපි අපේක්ෂා කළෙමු.පිළිගැනීමෙන් ඉනික්බිතිව ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් තහනම් කරන්නට හේතු වූ කාරණා සම්බන්ධයෙන් නිල ව්‍යහුය ඇතුළේ නිසි පරීක්ෂණයක් කරන්නට සහ විත්තිය සහ පැමිණිල්ල ලෙස දෙපාර්ශවයෙන් කරුණු විමසීම හෝ නිසි පරිදි සිඳු කරන ලෙස ඉල්ලීමක් සිඳුවනු ඇතැයි අපි බලාපොරොත්තු වුණෙමු.ඒත් හදිසියේ තමන් මත පාත් වූ බලයෙන් අන්ද මන්ද ව සිටින වැඩ බලන සභාපතිවරයා සිඳු කරන්නේ ඒ ඇති වූ අහඹු ප්‍රහර්ෂයෙන් මත් වි ඊට පෙර මිටි මතය තහවුරු කිරීමට අවශ්‍යය වැඩ වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ අදහස්වලට අවනතව බල්ටි ගැසීමේ තත්ත්වයටම තල්ලු වෙමින් යාමය.
එහෙත් දැන් අපට පෙනී යන්නේ අප ඒ මොහොතේ දුටු රගර් පෞරුෂය ඉල්ලියාස්ගේ නික්ම යාමෙන් අවසන්ව ඇති බවය.එහි අනු කමිටුවක ප්‍රධානියෙක්ව සිටි වත්මන් වැඩ බලන සභාපතිවරයා ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවති අනු කමිටුවෙන් ගත් තීරණ පවා පස්සට ඇඳෙමින් වැනෙන්නට පටන්ගෙන ඇත.සෙසු විධායක කමිටු සාමාජිකයන් ද මෙහිදී ඔහු වැනෙන ඔංචිල්ලාවට නැඟ වැනෙනවාද නැද්ද යන්න තීරණය කළ යුතුය.

ඔහු විසින් ප්‍රධානත්වය දැරූ අනු කමිටුවක් ලීග් සූරයන් වූ මහනුවර කණ්ඩායම ක්ලෆර්ඩ් කුසලාන තරගයෙන් ඉවත්වන බව කී විට මේ වසරට ද බලපාන පරිදි මහනුවරට ක්ලිෆර්ඩ් තරගාවලිය තහනම් කළේය.ඔවුන් ඉවත්වීමට තීරණය කළේ ඔවුන්ගේ ක්‍රීඩාංගණය වන නිත්තවෙල ක්‍රීඩාංගණය ලබා දීමට රගර් පරිපාලනය ක්‍රියා නොකළ නිසාය.ඒ වෙනුවට ඔවුන්ට මහනුවර ක්‍රීඩාංගණයක් ලබා දුන්නේය.ඊට හේතුව වූයේ කිසිඳු ක්‍රීඩා සමාජයකට තමන් සත්කාරකයන් ලෙස ක්‍රියා කරන නියමිත ක්‍රීඩාංගණය තරග කිරීමට ලබා නොදෙන්නට රගර් පරිපාලනය ගත් තීරණය නිසාය.කෙතරම් හොඳට හැඩට හයියට නැට්ට වැණුවත් එය වැනීමේ අයිතිය ඇත්තේ බල්ලාටය.රගර් පරිපාලනය ඒ මොහොතේ ගත් තීරණයෙන් නැට්ට බල්ලා වෙන්න යාම වළක්වා නැට්ට නිසි තැන තැබුවේය.
එහෙත් දැන් වැඩ බලන සභාපතිවරයා විධායක සභාව මත සිය බලය යොදමින් පවසන්නේ මහනුවර ක්‍රීඩා සමාජයේ උත්පත්ති කතාව ආදිය කියා පා මෙවර ක්ල්ෆර්ඩ් කුසලානය සදහා මහනුවර ඇතුළත් කර ගැනීම ඇවසි බවය.දැන් නැට්ටට ඕනි හැටියට වැනෙන බල්ලෙක්ගේ ස්වරූපය පෙන්වන තත්ත්වයට ශ්‍රී ලංකා රගර් වැනෙන තත්ත්වයට පත්ව ඇති බව දැකිය හැක්කේ පසුගිය කාලයේ රගර් පරිපාලනයට වෙට්ටු දමමින් වැඩ කළ නැටි කිහිපයක් මේ විසුළුකාර ආකාරයේ බල්ලාගේ වැනීම අභ්‍යන්තරයේ දර්ශණය වෙමින් තිබෙන නිසාය.
මින් ඉදිරියට ක්‍රීඩා සමාජයක ජාතකයේ තිබෙන වැදගත්කම පදනම් කරගෙන ක්‍රීඩාවේ ජාතික වගකීමේ පීතෘත්වය දරන රගර් පරිපාලනයට නැට්ටෙන් ගැසීම නොව නැට්ට පැත්තකට කර මුත්‍රා කර හෝ යාමට හැකි බවට මෙයින් ලැබෙන සංඥාව භයානකය.රගර් පරිපාලනය හැටියට පුටු ටිකක පිරිසක් හින්දුවා ඉන් පිටින් සිටින පිරිසක් රගර් නැට වූ හැටියෙන් ලැබුණු අපකීර්තිය,ණය බර ආදිය බොහෝ හිමිකම් වෙනස් කරන්නට ආරම්භයක් ගත පරිපාලන මෙහෙයුමක පදනම් ගැලවී යාමත් සමඟ පෙර දකින්නට තිබුණු කොහේ හෝ ඇලී සවි වී සිටින්නට උත්සාහ කරන සක්ක කෑලි මතුවී කඳු සේ බැමි සේ රඟන්නට පටන්ගෙන තිබීම කණගාටුදායකය.

තවත් මොහොතකදී ආසියානු සභාපතිවරයා, ශ්‍රී ලංකා රගර්වලට අපකීර්තිමත්ම කැළල ඇති කළ සිය මිත්‍ර හිටපු සභාපතිවරයෙක් ශ්‍රී ලංකා රගර් මෙහෙයවීමට පත් කළහොත් ඊටත් “යර්ස් ස්ර්” කියන මට්ටමට සිය වැඩ බැලීමෙන් වැඩ පෙන්නන්න සූදානම් බවට ඉඟි කරන වත්මන් නායකත්වය ශ්‍රී ලංකා රගර් හැටියට ගොඩ නඟා ගත් පෞරුෂය සෙමින් දිය වෙන්නට දෙමින් සිටින බව හැඟේ.

ඉකුත් සමයේ සෘජුව සිටීම නිසා ඇති වූ අර්බුද හරහා ආසියානු සභාපතිවරයා තමන්ට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රගර් ශ්‍රී ලංකාවේම පිරිස් සහයට යොදා ගෙන ආසියානු රගර් වපසරිය තුළ ලදරුවෙක් වන සිය රටේ රගර් ක්‍රීඩාවට පසුපසින් තැබීමට සමත් වූ බව හොඳින්ම දත යුතු වැඩ බලන සභාපතිවරයා එසේ ශ්‍රී ලංකාවේ රගර්වලට විරුද්ධ වූ පිරිස් අත නටන රූකඩයක් වෙනවාද නැද්ද යන්නෙන් ඔප්පු කර පෙන්විය යුත්තේ තමන්ගේ කොන්දේ තරමය.එසේත් නැතිනම් රගර්වලට ඇති තමන්ගේ ආදරයේ තරමය.එසේම මේ වන විට අමාත්‍යංශය හරහා පරීක්ෂණයක් කර ඉවත් වීමට දන්වා ඇත්නම් හසන් සිංහවංශ කළ යුතුව ඇත්තේ ද සිය වෘත්තීය අතහැර යාමය.එසේම ඒ සඳහා වැඩ බලන සභාපතිවරයා පියවර ගත යුතුය.මේ නික්ම නොයෑමද පෙන්වන්නේ ඉකුත් සමයේ ශ්‍රී ලංකා රගර් වෙත ස්වාධීනව වැඩ කළ හැකි පසුබිමක් ඇති කර රැක ගැනීමට තිබුණු උවමනාව තිබී ඇත්තේ ඉවත් වූ සභාපතිවරයාට පමණක් යන්නද ගැන සිතා බැලිය යුතුය.එසේ නොවන්නේනම් මේ මොහොතේ ඊට හරස් වූ මිනිසුන්ගේ අවශ්‍යයතාවයන් ඉටු කරමින් ශ්‍රී ලංකා රගර් පෞරුෂය බාල්දු කරන්නට වැඩ බලන සභාපතිවරයා කටයුතු නොකර පෙර සේ ම තමන් නායකත්වය දුන් අනු කමිටු තීරණ රැකිය යුතුය.

එසේම තමන් ද ඇතුළු සංවිධානයට අකුල් හෙළු පිරිස්වලට මෙහෙයවන්නට ඉඩ දීම ඔහු මෙන්ම සිංහවංශ ද නොකළ යුතුය.සමහර අවස්ථා තීරණය කරන්නට ලැබෙන්නේ හිදීමට වඩා වැදගත් බැස යාම යනුවෙන්ය.කෙසේ හෝ ඉදීම සහ කෙසේ හෝ වැජඹීම වෙනුවට සැබෑව වෙනුවෙන් බැස යන මිනිසුන් සමාජය තුළ රැඳෙනු ඇත.ඒ ආකාරයට හිතන්නට ශ්‍රී ලංකා රගර්වලට හැකියාවක් වේ ද?මෑත කාලයේ ගොඩ නඟාගත් අභිමානය දෙකට නැවී කුඳු වී ස්ර් න්‍යායෙන් ඇඹරී කුඩු පට්ටම් කර ගැනීමට එකඟ ද සටන් කරන්නේ ද යන්න දෙස අපි අවදිව බලා සිටිමු.දැන් පෙනෙන්නට ඇති චලනයන්ට අනුව සිඳු වෙමින් පවතින්නේ බල්ලාව නැට්ට විසින් වැනීමය.මේ නැට්ට ශ්‍රී ලංකා රගර් ද පුද්ගලයෙක්ගේ හෝ කීප දෙනෙක්ගේ ද යන්න තීරණය වන්නේ සමස්ත විධායක සභාවේ හැසිරීම මතය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan