අද (06) සවස පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): අද (06) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති අතර , අද පස්වරු 05ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙනු ඇත.

මෙම රැස්වීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු සාමාජිකයින්ට ආරාධනා කර තිබේ. මෙහිදී පසුගිය රැස්වීමේදී ඉදිරිපත් කළ යෝජනා 03ක් සම්මත කරගැනීමට නියමිතය.

ඒ අනුව එම යෝජනා 03 පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කර එය සම්මත කර ගැනීම ද මෙහිදී සිදුවනු ඇත.

තවද, ඉදිරියේ දී නිර්මාණය කර ගැනීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. නව සන්ධානය පුටුව ලකුණෙන් එළිදැක්වීමට සැලසුම්කර ඇති බව සඳහන්ය. ඊට හේතු වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය බවද කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...