ලංකාවෙන් තරග වඳින තනි රනිත්මා ජයග්‍රාහීව සටන අරඹයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි , 06 කොළඹ (LNW): ගාල්ල දඩල්ලේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝගතා සූරතාවලියට කාන්තා කේනල කාණ්ඩයේ ප්‍රධාන තරග නාම ලේඛණයට ඇතුළත්න සිටින එකම ලාංකේය ක්‍රීඩිකාව වන රනිත්මා සිය පළමු තරගය ඉන්දීය ක්‍රීඩිකා ප්‍රශංසා බෝනම් පරාජය කරමින් වට 2-0 ක් ලෙස ජය ගන්නට සමත් වූවාය.ලකුණු 21 -12 ක් සහ 21 -18 ක් වූ තරගයේ ලකුණු තත්ත්වය මෙන්ම රනිත්මා මේ තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවට වඩා පෙන් වූ දරා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක විය.

රනිත්මාගේ තරගයට පෙර පැවති කරග අතරින් විඩිම කාලයක් වැය කළ තරගයක් හැටියට හැඳින්විය හැකි මෙම තරගයේදී විනාඩි 51 කාලයක් වැය වී තිබිණ.අද වැඩිම කාලයක් ගත වූ තරග හතර අතරට වැටෙන මේ තරගය මෙන්ම ඉන් තරග තුනකම ඉන්දීය ක්‍රීඩිකාවන් දකින්න වීමත්,ඒ වස්ථා තුනේදීම ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය වීමත් අද දවසේ අපූරු සිඳුවීමක් හැටියට ගත හැකිය.
රනිත්මාට ඊ ළඟ තරගයේදී ඉන්දුනීසියාවේ අයිස්යා සටිවා ෆැටේටානි සහ ඉන්දියාවේ ශ්‍රී නිත්‍යා නරහරිසෙට්ටි සමඟ තරගයෙන් ජය ගන්නා ක්‍රීඩිකාව හමුවීමට නියමිතය.කාන්තා තරග අංශයේ අද දවසේ ලොකුම පෙරළිය සිදු කළේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර සුදුසුකම් ලැබූ තායිලන්තයේ කමෝවාන් නිතිත්ටිකරායි ය.ඇය මේ තරග සටහනේ අංක එකේ ක්‍රීඩිකාව වන ලොව අංක ක්‍රීඩිකාව මෙන්ම ලොව අංක 43 ට ශ්‍රේණිගතව සිටින්නී ඉන්දියාවේආකර්ශී කාශ්‍යප් වට 2-1 ක් ලෙස පරාජය කළාය.එහි ලකුණු තත්ත්වය දැක්වුණේ 18 – 21,21 -17 මඑ 21 -12 ක් ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...