ආණ්ඩුව ඇතුලෙම ක්‍රියාත්මක වුනු කුමන්ත්‍රණ නිසයි අපේ ආණ්ඩුව වැටුණෙ – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන “සද් ජන රළ ” රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම අද (06) උදෑසන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

” අපේ රටේ දැවැන්තම හා ප්‍රධානම දේශපාලන පක්ෂය තමයි පොදුජන පෙරමුණ.අපි වගකීම් පැහැර හරින පක්ෂයක් නෙමෙයි.වගකීම් බාර අරන් කටයුතු කරන පක්ෂයක්.පහුගිය කාලෙ කුමන්ත්‍රණශීලීව අපේ පක්ෂය වැට්ටුවා .අපේ ආන්ඩුවටත් එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයෙදි වෙඩි තියලා අපේ බලය රැකගන්න කටයුතු කරන්න තිබුණා.නමුත් එහෙම දෙයක් නොවිය යුතුයි.අරගලයට සම්බන්ධ තරුණයො පුනරුත්ථාපනය කරන්න ඕන කියලයි මම අදත් හිතන්නෙ.

ආණ්ඩුව ඇතුලෙම ක්‍රියාත්මක වුනු කුමන්ත්‍රණ නිසා අපේ ආණ්ඩුව වැටුනෙ. ඒක හදුනගන්න අපිට බැරි උනා ඒක අපි පිලිගන්න ඕන. පහුගිය කාලෙ අධිකරණයෙන් තීන්දුවක් දුන්නා.මේ රට බංකොලොත්වීම පිලිබදව.මේ නඩු තීන්දුවෙ කොහෙවත් නෑ රාජපක්ෂල මේ රට බංකොලොත් කලා කියලා නෑ.දැන් මහ බැංකු අධිපත්වරයා කියනවා මේ රට බංකොලොත් නෑ කියලා.අපේ අමරකීර්ති අතකෝරල මන්ත්‍රීවරයා මැරුණට පස්සෙ තමයි කියන්නෙ රට බංකොලොත් නෑ කියලා.ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙ පාලනය කාලෙ වගේ ග්‍රාමීය ආර්ථිකය යලි ගොඩනැගීමේ වැඩපිලිවෙලක් නැවත සකස් කල යුතුයි.මම දැක්කා අනුර කුමාර දිසානායක ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරනවා.ඒක හොදයි.නමුත් පහුගිය කාලෙ ජනතා විමුක්ති පෙරමුණ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලා.

ඉන්දියාවෙන් අපේ රටට ආව ආයෝජන විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වෙලා මේ රටට අහිමි කලා සාම්පූර් බලාගාරය ඊට හොදම නිදසුනක්.නමුත් ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මතයකට ඇවිල්ලා තියෙනවා.ඉස්සර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ අද ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් ඒ ගැන කතා කරනවා. නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ආයෝජන වලට එකගත්වය පල කරයි කියලා හිතනවා.ඒ නිසා මේ රට ගොඩ නැගීම සදහා අපි සියලු දෙනා එකතුවෙලා කටයුතු කරමු.ඒ සදහා කටයුතු කරන්න සදධන්තයින් තමයි ඔයාලා.ඒ නිසා මේ රටට වගකියන ජනතාවට වගකියන කෙනෙක් අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරනවා”

පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රීක් නායක සිරිපාල ගම්ලත් මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කරනු ලැබ තිබූ අතර මෙම රැස්වීම සදහා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,තිස්ස කුට්ටිආරච්චි ,ඩී.වී.චානක ,ඉන්දික අනුරුද්ධ,තේනුක විදානගමේ,ජගත් සමරවික්‍රම,චින්තක මායාදුන්න යන මන්ත්‍රීවරුන් ඇතුලු පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...