පියාගේ හිස්තැන පිරවූ දියණිය ස්ටෂානි !

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ (LNW):

දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී (Aitken Spence PLC) හි සභාපතිධූරය සඳහා ඔහුගේ දියණිය වන D S T ජයවර්ධන මහත්මිය (Stasshani Jayawardena) පත් කර ඇති බව එම සමාගම විසින් දැනුම් දෙයි. ඊට සමගාමීව ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයා ලෙස එම් ආර් මිහිලර් මහතා පත් කර ඇති බවද වාර්තා වේ

එයිට්කන් ස්පෙන්ස් හි විධායක අධ්‍යක්ෂවරියක වන ස්ටෂානි ජයවර්ධන ,එයිට්කන් ස්පෙන්ස් සමූහය තුළ වසර 15 කට වැඩි ශක්තිමත් නායකත්ව පළපුරුද්දක් ඇති අයෙකි. ඇය විවිධ අංශ, විශේෂයෙන් කළමනාකරණය සහ මෙහෙයවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර මෙල්ස්ටාකෝප් පීඑල්සී, ඩිස්ටිලරීස් සමාගම ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සහ බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී ඇතුළු ලැයිස්තුගත සමාගම් කිහිපයක සැලකිය යුතු ප්‍රමුඛ පෙළේ තනතුරු දරා ඇත. ඇය එයිට්කන් ස්පෙන්ස් හෝටල් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ඒකාබද්ධ නියෝජ්‍ය සභාපතිනිය සහ ඒකාබද්ධ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කරයි.

Keele University, the Emeritus Institute of Management, and the University of Cambridge’s Judge Business School, වැනි ආයතනවල ශක්තිමත් අධ්‍යයන පසුබිමක් ඇති ජයවර්ධන මහත්මිය, එක්සත් ජනපද සෙනෙට් සභික හිලරි රොඩම් ක්ලින්ටන් සහ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ සීමාවාසික පුහුණුවක් ද ඇතුළුව පුළුල් ගෝලීය සම්භන්ධීතාවයක්ද ඇය සතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරක් කටාගේ නඩුවක් විභගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...