සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ ගුහාවකින් සොයාගත් දර්ශනීය පොසිල නිධානයක් මඟින් අදින වසර මිලියනයකට පෙර එහි ජීවත් වූ පුරාණ වනාන්තරවල ස්වභාවය සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබේ.
මෙම නව සොයාගැනීම නවසීලන්තයේ පුරාණ ඉතිහාසයේ අතුරුදහන් වූ පරිච්ඡේදයක් අනාවරණය කර ගැනීමක් වන අතර මෙම සොයාගැනීම හරහා අදින වසර 750 කට පෙර නවසීලන්තයට මිනිසා පැමිණීමට පෙර තත්වය අවබෝධ කර ගැනීමට හැකිය.
විද්‍යාඥ කණ්ඩායම විසින් මෙම සොයාගැනීම පිළිබඳ අධ්‍යයනය Alcheringa: An Australasian Journal of Palaeontologyහි ප්‍රකාශයට පත්කර තිබු අතර මෙහිදී ගුහාවේ සංරක්ෂණය කර ඇති ගිනිකඳු අළු ස්ථර දෙකක් අතර පොසිල සොයා ගෙන තිබු අතර ඒ සෑම එකක්ම වෙනස් ප්‍රධාන පිපිරීමකින්, පළමු වසර මිලියන 1.55 කට පෙර සහ දෙවන වසර මිලියන 1 කට පෙර සිදු වූ බවට ගණනය කර තිබේ.
මෙම පොසිල හරහා පුරාණ පක්ෂි විශේෂ 12 ක් සහ ගෙම්බන් විශේෂ හතරක් නියෝජනය කරන අතර, කලින් නොදන්නා පක්ෂි විශේෂ කිහිපයක් හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශන හරහා පර්යේෂණ කණ්ඩායම ඇස්තමේන්තු කළේ මිනිසුන් නවසීලන්තයට පැමිණීමට පෙර වසර මිලියන ගණන තුළ දිවයිනේ සියලුම විශේෂවලින් සියයට 33 ත් 50 ත් අතර ප්‍රමාණයක් වඳ වී ගොස් ඇති බවයි,
මෙම වඳවී යාමට හේතු වශයෙන් කැන්ටබරි කෞතුකාගාරයේ ස්වාභාවික ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ භාරකරු පෝල් ස්කොෆීල්ඩ් සඳහන් කර තිබුණේ, එය වේගවත් දේශගුණික විපර්යාස සහ ව්‍යසනකාරී ගිනිකඳු පිපිරීම් හේතු වන්නට ඇත බවයි.

