ශ්‍රී ලාංකිකයින් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්

Date:

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මේ වසරේ ශ්‍රී ලාංකිකයින් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක් ලැබී තිබෙන බවත් ඉතිහාසයේ ලද වැඩිම රැකියා අවස්ථා සංඛ්‍යාව මෙය බවත්ය. එය පසුගිය වසරට වඩා 28.79% ක වැඩිවීමකි.

කොරියානු රැකියා අපේක්ෂාවෙන් අයැදුම්කරුවන් 14,588 දෙනෙකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව නිෂ්පාදන අංශය සඳහා 12,189 දෙනෙකුට, ධීවර අංශය සඳහා 2149 දෙනෙකුට සහ ඉදිකිරීම් අංශය සඳහා 250 දෙනෙකුට කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව හිමි වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

මේ අතර කොරියානු රැකියා සඳහා විභාගයට අයැදුම්පත් භාර ගැනීම ලබන 13 වැනි දා ආරම්භ වනු ඇති. ලබන 22 වැනි දා දක්වා Online ක්‍රමයට ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්‍යාශය පවසයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...