*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

නුවර අමාරුවේ වැටෙන්නට ගොස් බේරෙයි – සීආර්, සීඑච් දමනය කරයි – හැව්ලොක් නාවිකයින් පරදවයි

ලාංකේය රගර් ක්‍රීඩාවට ආශිර්වාදාත්මක හැරවුමක් සනිටුහන් කරන්නට උත්සාහ කරමින් මෙවර රග්බි ලීග් තරගාවලිය රග්බි සම්මේලනය මඟින් ක්‍රියාවට නඟා ඇති අතර එහි තෙවන සතියේ තරගවලින් ජය ගන්නට නුවර සහ සීආර් කණ්ඩායම් සමත් විය.

ඒ අතරින් විශාල අවදානමකට මුහුණ දුන් මහනුවර කණ්ඩායම ප්‍රතිවාදී නාවික හමුදා කණ්ඩායම ඉදිරියේ ඉකුත් සතියේ නුවර දැක් වූ සුවිශේෂි දස්කම් දක්වන්නට අමතක වූ බවක් පෙන්නුම් කළේය.එම සතියේ උත්සාහක දිණුම් තුනක්ම ලබා ගත් තරින්ද රත්වත්ත මෙන්ම උත්සාහක දිණුම් දෙකක් ලබා ගත් ශ්‍රීනාත් සූරිය බණ්ඩාර අතරින් මහනුවර කණ්ඩායමට ලකුණු ගලා ආවේ උත්සාහක ප්‍රවර්ථන දෙකකින් සහ නිදහස් පහර දෙකකින් පමණි.ඒ සඳහා දායක වූයේ තරින්ද රත්වත්ත ය.

අවසානයේ ලකුණු පහක පරතරය ඇතිව මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 35 – 30 ක් ලෙස ය.එහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් පහක් වාර්තා වූ අතර බුද්ධිම ප්‍රියරත්න එහි දෙකක උරුමකරුවා විය.බවන්ත උඩන්ගමුව,ජේසන් දිසානායක සහ රොෂාන් වීරරත්න විසින් එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා කර අතර එහි දෙකක ප්‍රවර්ථන සාර්ථක කරන්නට තරින්ද රත්වත්ත සමිත් විය.එසේම මහනුවර කණ්ඩායමේ ඉලක්කකරුවා වන තරින්ද තවත් සාර්ථක නිදහස් පහර දෙකකින්ද මහනුවරට ලකුණු එකතු කළේය.
නාවිකයෝ වාර්තා කළ උත්සාහක ලකුණු තුන එකතු කළේ චරිත් ජනිත,ජනිත් ලක්සර සහ නිරෝෂ් පෙරේරාය.එම උත්සාහක ලකුණු තුනම සාර්ථක ප්‍රවර්ථන බවට පත් කරන්නටත් තවත් නිදහස් පහර තුනක් නිසි ඉලක්කයට යොමු කරන්නටත් සමත් වූ ජනිත් සෙනවිරත්න නාවික හමුදාවේ සමස්ත ලකුණු පුමාණයෙන් අඩක් වූ ලකුණු 15 ක් ලබා දෙන්නට සමත් විය.

ඉකුත් සති අන්තයේ මහනුවරින් එල්ල වූ ප්‍රහාරයේ පළුඳු මකා ගන්නට ලොන්ඩන් පෙදෙසට පැමිණි සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩකයන්ට යළිත් සිඳු වුයේ පරාජයේ අමිහිරි තිත්තම බුදින්නට ය.ඒ සීආර් අන්ඩ් එෆ්සී ක්‍රීඩකයින් වෙතින් ය.එහෙත් නුවර ඉදිරියේ නිරුත්තර වූ තරමේ දරුණු ප්‍රහාරයක් වෙනුවට ඔවුන් ලකුණු පූවරුව 27 – 22 ලෙස තබා ගන්නට සමත් විය.

ජයග්‍රාහී සීආර් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ලකුණු 27 වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක්,ප්‍රවර්ථන තුනක් සහ නිදහස් පහර දෙකක් එකතු වි තිබිණ.දනන්ජය දේවගේ,කවිඳු ද කොස්තා සහ මර්ෂීඩ් දොරේ යන ක්‍රීඩකයෝ සීආර් කණ්ඩායමට උත්සාහක ලකණු එක් කළහ.එම උත්සාහක දිණුම් තුනම නිසි ඉලක්කයේ තබමින් සාර්ථක ප්‍රවර්ථන බවට පත් කළ කවිඳු මුතුතන්ත්‍රිගේ නිදහස පහර දෙකකින් ද සීආර් ලකණු පූවරුවට ශක්තිමත් දායකත්වයක් සැපයීය.

සීඑච් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් හතරක් වාර්තා විය.අනුෂ්ක ලී,ගනුක දිසානායක,ඔමල්ක ගුණරත්න සහ ප්‍රසාත් මධුශංක එම උත්සාහක දිණුම්වල හිමිකරුවෝ වූහ.එහෙත් සීආර් කණ්ඩායම උථ්සාහක දිණුම් සීආර් කණ්ඩායමට වඩා වැඩිපුර වාර්තා කළද ඉන් උත්සාහක දිණුම් තුනක්ම සාර්ථක ප්‍රවර්ථන නොවීය.හිරූෂ සම්පත් එක් උත්සාහක දිණුමක් සාර්ථකව ප්‍රවර්ථනය කරමින් සීඑච් ලකුණු පූවරුව 22 රැඳ වූයේ අවසාන ප්‍රතිපලය සීආර් කණ්ඩායම ජය ලැබෙන පරිදි 27 – 22 බවට සටහන්ව තිබියදී ය.

යුද හමුදාව සහ පොලිසීය අතර තරගය අතහැර දමන්නට සිඳු වූයේ යුද හමුදා රග්බි කඳවුරට එල්ල වූ කොවිඩ් ප්‍රහාරයක් හේතුවෙන් එම කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අඩපණ වූ බැවිනි.නැවත 19 වන දා ඔව්හූ එකිනෙකා හමුවෙති.

හැව්ලොක් පිටියට පැමිණි ගුවන් භටයන්ට හැව්ලොක් ක්‍රීඩකයෝ ජයග්‍රහණයේ ධජය ඔසවන්නට ඉඩ නොඳුන්හ.ඔව්හු ගත් දැඩි උත්සාහය ව්‍යර්ථ කරමින් පරාජයේ වළාවන් මත ගිල්වා දැමූහ.

තරගයේ මුල් භාගය ලකුණු 4 ක පරතරයක් තබමින් නිමා කළ හැව්ලොක් ක්‍රීඩකයන් හා සම සමව ලකුණු ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් දෙවන භාගයේ සමත් වූ අතර දෙපිළේම ආරක්ෂක පෙළෙහි අභියෝගය හමුවේ දෙපිළම දෙවන භාගයේ රැස් කරේ ලකුණු හත බැඟීන්ය.නමුත් පළමු අර්ධයේ පරතරය ඉන් වෙනස් නොවුණු අතර තරගයේ අවසාන ප්‍රතිපලය 26 – 22 ලෙස හැව්ලොක් කණ්ඩායමට ජය ගෙන දෙමින් නිමා විය.

හැව්ලොක්ස් ලකුණු 27 ට ඇතුළත් වූ උත්සාහක දිණුම් හතරට ලසිඳූ කරුණාතිලක,මිතුන් හපුගොඩ,රමේෂ් ප්‍රනාන්දු සහ විමුක්කි රාහුල යන ක්‍රීඩකයෝ එක් උත්සාහක ලකුණ බැඟීන් එක් කළහ.ඉන් තුනකම ප්‍රවර්ථන සම්පූර්ණ කරන්නට සන්දේශ් ජයවික්‍රම සමත් විය.එකඳු නිදහස් පහරක්වත් හැව්ලොක් ලකුණු පූවරුවේ නොවිණ.
ගුවන් හමුදා කණ්ඩායම රැස් කළ උත්සාහක දිණුම් ප්‍රමාණය තුනකි.ඉන් දෙකක්ම වාර්තා කළ නුවන් පෙරේරා ප්‍රවර්ථන දෙකකින් සහ එක් උත්සාහක දිණුමකින් ද ගුවන් හමුදාවේ ලකුණු පූවරුව පෝෂණය කළේය.පරාක්‍රම රත්නායක සහ ගයන්ත ඉද්දමන්ගොඩ ද ගුවන් හමුදා ලකුණු පූවරුවට එක් උත්සාහක දිණුම මඟින් ලබා දුන්නේය.
සති අන්තයේ රගර් උණුසුම සහ තරගකාරීත්වය තදින් වර්ධනය වෙමින් පවතින බව පැහැදිළි විය.යුද හමුදා සහ පොලිස් කණ්ඩායම් අතර තරගය අවාසනාවන්ත අයුරෙන් මඟ නොහැරෙන්නට අඩු ලකුණු පරතෙරවලින් ජයගත් ඉතිර තරග තුනම කියා පෑවේ හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට බවය.ඒ බාධකවලට සාපේක්ෂව පෞද්ගලිකත්වය අභිබවා යාමට වඩා වැදගත් ක්‍රීඩාවක් හැටියට ශක්තියෙන් නැඟී සිට බාධක නොනැඟෙන්නට ශක්තිමත් පවුරක් ලාංකේය රගර් හරහා ඇති කිරීමය.

RM

සියලු ඡායාරූ​ප

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan