*
Friday, April 19, 2024
spot_img

Latest Posts

කෙටිකතාවක් නිසා හිරේ දැමූ ශක්තිකගේ වන්දි නඩුවෙන් නීතිපති ඉවත්වීමේ ඉල්ලීම

 අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහි ව ශක්තික සත්කුමාර ලේඛකයා පොලීසියට විරුද්ධ ව පවරා ඇති නඩුවෙන් නීතිපතිවරයා නිදහස් කරන්නැයි ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් විය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පසුගියදා මේ ඉල්ලීම කළේ කුරුණෑගල දිසා අධිකරණයේ දීය.ඒ ගැන සලකා බලා තීන්දුවක් දීම පෙබ.25 දිනට කල් තැබිණ.

මුහුණු පොතෙහි පළ කළ කෙටිකතාවක් නිසා අයි.සී.සී.පී.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ශක්තික සත්කුමාර ලේඛකයා පසු ව නිදහස් කෙරිණ.ශක්තික මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකිරීමට අමතරව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිට එරෙහි ව වන්දි නඩුවක් ද පැවරී ය.මේ නඩු දෙක ම සිවිල් අයිතිවාසිකම් විෂයයෙහි අතිශයින් වැදගත් ය.උක්ත පනත යටතේ ම හසලක දී අත්අඩංගුවට ගැනුණු රහිම් මසාහිනා පසු ව නිදහස් කෙරිණ.පොලීසිය ඔහුට එල්ල කළ චෝදනාව ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටීම ය.අධිකරණයේ දී තහවුරු වූයේ මෙය නැවක සුක්කානම බව ය.බාහුවේ බුදුරුවක් පච්ච කොටාගෙන සිටීමේ වරදට 2014 වසරේ කටුනායක දී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන නයෝමි කොල්මන්ට රු.අට ලක්ෂයක වන්දියක් ගෙවන මෙන් අධිකරණය නියෝග කළේ ය.ඇය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් නිලධාරීන්ගෙන් එක් අයකු රු.50000 බැගින් ගෙවිය යුතු විය.

උක්ත පනත යටතේ ම චෝදනා නගා අත්අඩංගුවට ගෙන රඳවා සිටි අසාද්සාලි මන්ත්‍රිවරයා කොළඹ මහාධිකරණය මගින් නිදහස් කෙරිණ.ඔහුට නගා ඇති චෝදනා සාවද්‍ය බව අධිකරණය තීන්දු කළේ ය.චූදිතට සිදු වූ අගතිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 17.2 යටතේ නඩු පවරණ බව අසාද්සාලිගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.මේ සෑම සිදුවීමකදී ම පොලීසිය ,ආගමික සංස්ථාව හා ජනමාධ්‍ය අත්තනෝමතික අයුරින් හැසිරී ඇති බව පෙනේ.මෙහිදී අයි.සී.සී.පී.ආර් පනත අවභාවිත කර ඇත.  මෙය අලුත් ප්‍රවනතාවකි.  2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි අරමුණ ආගමික කණ්ඩායම් අතර වෛරී සහ එදිරිවාදී හැඟීම් ඇවිළවීම වැළැක්වීම ය.හරි නම් ඒ පනත ක්‍රියාත්මක කළ යුත්තේ ආගමික හා ජනවාර්ගික වෛරය,ගැටුම් ඇති කිරීම සඳහා කටයුතු කරන අයට එරෙහි ව ය.

ඇතැම් දේශපාලකයෝ ප්‍රසිද්ධියේ ද අප්‍රසිද්ධ ව ද මෙබඳු ක්‍රියාවන්හි නියැළෙති.සමහර ආගමික පාර්ශ්ව මෙන් ම ඊණියා විද්වත් පාර්ශ්ව ද ප්‍රසිද්ධියේ මේ පනත කඩ කරති.මේ කිසිවක් නොපෙනුණා සේ හැසිරෙන පොලීසිය කාගේ හෝ උසිගැන්වීමක් මත අවිචාරයෙන් අත්අඩංගුවට ගැනීම් කරති.රිමාන්ඩ් බන්ධනාගත කිරීම්වලට අනුබල දෙති.එහෙත් අධිකරණය ඉදිරියේ දී පොලිසිය ගොලු වෙයි.මේ ක්‍රියාවලියේ දී චූදිතයන්ට සිදුවන කායික හා මානසික පීඩා අපමණ ය.ඔවුන්ගේ පවුල්වල අයට සමාජයෙන් නින්දා ගැරහුම් විඳින්නට සිදු වෙයි.ශක්තිකගේ සිදුවීම බලමු.ඔහු ලියුවේ කෙටිකතාවකි.ආගමික හෝ වාර්ගික වෛරය අවුළුවනසුලු එකදු වදනක් එහි නැත.සාහිත්‍ය කෘතියක් හැටියට එයට හිමි ස්ථානය තීන්දු කිරීම පාඨක විචාරක දෙපාර්ශ්වයට අයත් වගකීමකි.පූජක සංස්ථාව හා පොලීසිය කළයුත්තේ තමන්ට අයත් වගකීම් නිසි අයුරින් ඉටු කිරීම මිස මිනිස් නිදහසට බාධා කිරීම නොවේ.ඊණියා ලේඛකයෝ ද මෙවැනි අවස්ථාවලදී අවිචාරයෙන් පූජකයන්ට හා පොලීසියට උඩ ගෙඩි දෙති.අත්අඩංගුවට පත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බුදුරුව බාහුවෙහි සලකුණු කරගෙන ඇත්තේ බුදුන්ට ඇති ගෞරවය නිසා බව අධිකරණයේ දී හෙළි විය..බෞද්ධයන් බහුතරයක් සිටිනවා යැයි පාරම්බාන රටේ ගුවන් තොටුපළේ දී සිදුවූ ඇබැද්දිය ගැන ඇයට කුමක් සිතෙන්නට ඇතිද?

බ්‍රිතාන්‍ය රජය හා ජනතාව ලංකාවේ තත්වය ගැන කුමක් සිතනු ඇති ද?හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් ජනකියමන මතක් වන්නේ මෙවිට ය.අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.මෙහි සම්පූර්ණ ප්‍රකාශය හා මාධ්‍ය තමන්ට ඕනෑ හැටියට සංස්කරණය කළ ප්‍රකාශ නිරීක්ෂණය කළ කොළඹ මහාධිකරණය අයි.සී.සී.පී.ආර් පනත යටතේ අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් ඔහුගෙන් සිදුවී නැති බව තහවුරු කළේය.මෙහිදී වැදගත් වන කරුණක් තිබේ.එනම් ඇතැම් මාධ්‍ය තම දේශපාලන හාම්පුතුන් තුටුපහටු කිරීම සඳහාත් විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහාත් මාධ්‍ය හසුරුවන බව ය.පොලිස් නිල ඇඳුමෙහි ද ධර්මචක්‍රය තිබේ.එහෙත් එම පොලීසිය ධර්ම චක්‍රය සහ නැවේ කුඹ ගසෙහි ලාංඡනය අතර වෙනස නොදන්නා බව රහිම් මසානා අතඅඩංගුවට ගැනීමේ සිදුවීමෙන් පෙනේ.මේ සිදුවීම් දිගටම සිදුවුවහොත් ශ්‍රී ලංකාව දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මුතීන්,නීති උල්ලංඝනය කරන රටක් හැටියට කළු ලැයිස්තු(black list)ගත වීම නොවැළැක්විය හැකි ය.

තිඹිරියාගම බණ්ඩාර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan