හිටං හුටංලා කොරපු හැටි මතකයි. අපි ඡන්දෙකට යන්නේ අවුරුදු තුනකින් – මහින්දානන්ද

Date:

සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතාවට ලබාදුන් සියලුම පොරොන්දු ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“සජිත් ප්‍රේමදාස ගොයියා, අම්මටසිරි කතාව බලන්නකො. පොලොන්නරුවෙ ගිහිල්ලා කියනවා ‘මම රසායනික පොහොර දෙනවා’ කියලා. කාපං වහ ! අපිත් රසායනික පොහොර ආනයනය කරන්න අවසර දීලා තියෙනවා.

අද සජබෙ නායකයො හය දෙනයි. චම්පික රණවකත් නායකයා ලු, රාජිතත් නායකයා ලු, සජිතුත් නායකයා ලු. දැන් සිරිසේන මහත්තයාටත් මේ දවස්වල චූන් එකක් හැදිලා දැන් මෛත්‍රීපාල ගොයියාත් නායකයෙක් වෙලා. මේ හිටං හුටංලා හිතන් ඉන්නෙ අපට මේගොල්ලො අමතක වෙලා කියලා. එහෙම නේද හිටං ? ඒගොල්ලො හිතන් ඉන්නෙ අපිට අමතකයි කියලා හිටං. අපට හිටං හුටං කොරපු හැටි හොඳට මතකයි.

තමුන්නාන්සෙලා අබමල් රේණුවක සැකයක් හිතන්න අවශ්‍ය නෑ. අපි ඡන්දෙට යන්නෙ අවුරුදු තුනකින්. රට අවුරුදු පහකට භාරගත්තත් අපි අවුරුදු දෙකක් මේ කොවිඩ් එකත් එක්ක හිරවුණා අම්මේ තාත්තේ. ඒ නිසා සෞභාග්‍යයේ දැක්මෙන් අපි ඔබට යම්කිසි පොරොන්දුවක් වුණා නම් පහුගිය අවුරුදු දෙකේ අපට ඒක කරන්න බැරිවුණා නම් ඉදිරි වසර තුන ඇතුළේ තමුන්නාන්සෙලාට දීපු ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවායි කියන සහතිකය අපි ලබාදෙනවා”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ කාන්තා බලමණ්ඩලය පිහිටුවීමේ උත්සව අවස්ථාව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...