උදේ ඉඳන් රෑ වෙනකල් ප්‍රශ්න. හැම එකාම අපේ අම්මාව මතක් කරනවා – විමලවීර පුපුරා හැළෙයි (VIDEO)

වන සතුන් ගම්වදින සෑම අවස්ථාවකදීම ගම්වාසීන්ගෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුව ඇති බවත් මේ තරම් බැණුම් අසන අමාත්‍යාංශයක් භාරගත්තාට තමන්ට වෙනම ත්‍යාගයක් දියයුතු බවත් වනජීවී රැකවරණ, අලි වැට හා අලි අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

“උදේ ඉඳන් රෑ වෙනකල් ප්‍රශ්න. අරහෙන් අලි පනිනවා, මෙහෙන් මොණරු පනිනවා, එහෙන් රිලව් පනිනවා. පනින පනින හැම එකාම පනිනකොට අපේ අම්මා මතක් කරනවා.

ඉතිං මේ තරම් බැණුම් අහන අමාත්‍යාංශයක් මං ගත්තට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ. කවුරුහරි කියනවාද විමලවීරට මැජික් එකක් පෙන්නනය කියලා ? බෑ !

ඇමතිතුමාත් ඉන්න තැන මං මේ කියන්නෙ, සත පහක්වත් මට ඔය අලි අගල් කපන්න ආණ්ඩුවෙන් දීලා නෑ. දැන් ගරු ඇමතිතුමනි, මට නඩු හතරක් දාලා තියෙන්නෙ අලි අගල් කපනවා කියලා. ගමට අලි එන එක වළක්වන්න හදනකොට මට නඩු දානවා. දැන් මේක ප්‍රසිද්ධියේ කියලා යන්න ඕනෙ මට රංජන් රාමනායක වගේ වෙන්න කැමති නෑ, උසාවි තීන්දුවක් දුන්නොත් අලි අගල් කපන්න එපායි කියලා මම නඩුකාර උන්නාන්සෙලාට කියනවා ගමට අලි එන එක නතර කරන්නත් තීන්දුවක් දෙන්න කියලා. මොකද, අලින්ට තීන්දුවක් දුන්න ගමන් උන් එන්නෙ නෑ. අලි දන්නවානෙ නඩු තීන්දුව. අලින්ට නීති පොත පෙන්නපු ගමන් අලි එන්නෑ ගමට”

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (06) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද මෙම උත්සවයට සහභාගී වී සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...