ඉන්දියන් යොවුන් ක්‍රීඩකයෙක්ට රුපියල් ලක්ෂ 40 ක්

Date:

මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහ බැඟින් ප්‍රදානය කරන බව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති සව්රාව් ගංගුලි පවසනවා.ඔහු පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ නිලධාරීන්ට ද ලක්ෂ 25 බැඟීන් පිරිනමන බවයි.

ගංගුලි පෙන්වා දෙන්නේ ඔවුන් පිටියේ දැක් වූ දක්ෂතා අති විශිෂ්ඨ බවය.කොවිඩ් ආසාදනයට ගොදුරු වෙමින් නැවත ඉන් ගොඩ එමින් ගැටවරයන් පිරිස කරන ලද කැපවීම සහ ඉවසීම ගැන ලෝකයම කතා කරන මොහොතක සව්රාව් ගංගුලිද ඊට ඉහළ වටිනාකමක් දෙමින් අගය කරයි. එසේම ප්‍රධාන පුහුණුකරු රිෂිකේෂ් කනිට්කාර් සහ ඔහුගේ පුහුණු කණ්ඩායමේ සාමාජිකයින්, සහාය කාර්ය මණ්ඩලය සහ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ක්‍රිකට් ප්‍රධානී වීවීඑස් ලක්ෂ්මන් ක්‍රීඩකයන්ගේ මනෝභාවයන් කළමනාකරණය කර ගනිමින් දක්ෂතා සුරක්ෂිතව ඉදිරියට ගෙන යන්නට දුන් සහය ද ඉතා ඉහළින් ප්‍රශංසාවට ලක් කළේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday : හිරු බැස යන හෝරාවෙන් සහ පුරාණ කතාවලින් වර්ණාලේප කරන ලද සුන්දරනීය නගරය “ගාල්ල”

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති ගාල්ල නගරය...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...