*
Friday, March 29, 2024
spot_img

Latest Posts

තුන්වන මාත්‍රාවේ කතන්දරය

ජනතාව කොරෝනා එන්නතේ තෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා දක්වන්නේ මැළිකමකි. එය මඟහරින බවක් ද පෙනෙන්නට තිබේ. එක අතෙකින් මාත්‍රා දෙකම ලබාගත් අය ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ලැබී ඇතැ‘යි සිතති. තව අතෙකින් තෙවන මාත්‍රාව සම්බන්ධයෙන් මිථ්‍යා මත ගණනාවක් සමාජය තුළ පවතී. තවත් අතෙකින් තුන්වන මාත්‍රාව ලබා ගත්ත ද කොවිඩ් වැලඳීමේ අවදානම ඇතැ‘යි මහජනයා කල්පනා කරති. මේ එකක්වත් සැලැකිල්ලට ගත යුතු කාරණා නොවේ. එක පැත්තකින් සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීමට අපි බැඳී සිටිමු. තව පැත්තකින් වසංගතය ව්‍යාප්ත වන ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීමේ වගකීමක් අපට තිබේ. කිසිවකුට එම වගකීම බැහැර කළ නොහැකිය. කොවිඩ් යනු අපේ ප්‍රධාන අභියෝගය බැවින් එය ජය ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක් ම කළ යුතුය.

එන්නත් මාත්‍රා ගණන සම්පූර්ණ නොකළ අයට ප්‍රසිද්ධ ස්ථාන තහනම් කිරීමේ නීතියක් සම්පාදනය වී ඇත. මීට අදාළ ගැසට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ. එහි සඳහන් වන අන්දමට නීතිය ලබන අප්‍රේල් තිහ දා සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් විවිධ විවේචන හා විචාර ඉදිරිපත් වන්නට පුළුවන් වුව; එය ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා ගනු ලැබූ එඩිතර පියවරක් සේ හැඳින්විය හැකිය. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 75%කට වැඩි වුව තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගත් පිරිස 30%කට වැඩි නැත. මෙය ප්‍රමාණවත් නැත. අවම වශයෙන් තෙවන මාත්‍රාව මුළු ජනගහනයෙන් 75%කටවත් ලබා දිය හැකි නම් වසංගතය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැත.

සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් පත්‍රය නීතියට එකඟ බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එබඳු තීරණයක් වසංගත අවස්ථාවකදී ගත හැකි බව ද නීති විශාරදයෝ පෙන්වා දෙති. එලෙසම මේ නීතිය උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවමකට යටත් කළ හැකිය. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම්ය. අශීලාචාර ලෙස හැසිරීම ද තහනම්ය. එලෙසම වසංගතයක් ව්‍යාප්ත කිරීමට ක්‍රියා කිරීම ද තහනම් දෙයකි. එන්නත් මාත්‍රා සම්පූර්ණ නොකොට ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන පුද්ගලයා අපරාධ ක්‍රියාවකට හවුල්වන කෙනකු ලෙස ද හැඳින්විය හැකිය. ඔහු විනයගරුක පුද්ගලයකු ලෙස ද හැඳින්විය නොහැකිය.

ඉහත සඳහන් තහනම ක්‍රියාත්මක වීමේ දී පොදුස්ථාන යනු කවරේදැයි හොඳින් නිර්ණය කළ යුතුව තිබේ. රෝහල පොදු ස්ථානයකි. පාසල, ආගමිකස්ථාන හා වෙළෙඳපොළ පොදු ස්ථාන ලෙස හැඳින්විය හැකිය. බැංකුව ද පොදු ස්ථානයකි. පොදු ප්‍රවාහනය සැලැකිය හැක්කේ ද පොදු ස්ථාන හැටියටය. බස් රථය, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය එන්නත් නොගත් අයට තහනම් වෙයි. ලෙඩ දුක් සඳහා රෝහල අවශ්‍ය වෙයි. ජීවත් වීමට අදාළ මුදල් ගනුදෙනු සඳහා බැංකුව අවශ්‍ය වෙයි. එන්නත් මාත්‍රා ගණන සම්පූර්ණ නොකළහොත් ඉහත සඳහන් සියලු ස්ථාන තහනම් කලාප බවට පත්වනු ඇත. නොමිලේ ලබා දෙන එන්නත ලබා ගැනීම මහජනයාගේ යුතුකමකි. එය පැහැර හරින්නේ නම් නීතියෙන් හෝ එය ඉටුකරගත හැකි තැනකට රජය යා යුතුය.

Sponsored Article
#ඇත්ත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan