මාස 22ක් තිස්සේ අත්අඩංගුවේ පසුවූ නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප !

Date:

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් භාරයේත් රක්ෂිත බන්ධනාගාරගතකරත් සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාව ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් 2020 අප්‍රේල් 14 වනදා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් අතර මාස 18ක පමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ රැඳවුම් භාරයේ තබාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. අවසානයෙහි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි නොමැති වීම නිසා ඔහුට නඩු පැවරුණේ අන්තවාදී දේශනයක් සිදුකිරීම සම්බන්ධයෙනි.

තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඒ මහතා විසින් අධිකරණ වෙත කරන ලද ඉල්ලීම් අවස්ථා ගණනාවකදී ප්‍රතික්ෂේප කෙරුණු අතර අද දිනයේදී අවසානයෙහි ඔහුට ඇප මත නිදහස් වීමේ අවස්ථාව ලැබී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...