*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

සිමෙන්ති මාෆියාව නිසා පාලම් 9800 ක වැඩ කොට උඩ

සිමෙන්ති ආනයනයට සහ අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ජාතික ඉදිකිරීම් සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ මෙම ව්‍යාපාරික ප්‍රජාව විසින් කෘත්‍රිමව සිමෙන්ති හිගයක් නිර්මාණය කර ඇති බවයි.

රජය විසින් ආරම්භ කර ඇති දුෂ්කර ප්‍රදේශවල පාලම් 10,000 ක් ඉදිකිරීමේ කටයුතු සිමෙන්ති හිගය හේතුවෙන් අඩාල වී ඇති බවද ලියනාරච්චි මහතා සඳහන් කරයි. පසුගිය වසර තුළදී පාලම් 200 ක වැඩ අවසන් කර ඇති අතර ඒ අනුව තවත් පාලම් 9800 ක ඉදිකිරීම් සිදුවෙමින් තිබේ. කෙසේ නමුත් සිමෙන්ති මාෆියාව හේතුවෙන් සිමෙන්ති මිල ඉහළ යාම සහ දැඩි සිමෙන්ති හිගයක් ඇතිවීම අදාල ඉදිකිරීම්වලට දැඩි බාධාවක් වී තිබේ.

ආනයනික සිමෙන්ති මිල රුපියල් 1575 ක් ලෙස සටහන් කර තිබුණද එම මිලට මිලදී ගැනීමට වෙළඳපොලේ සිමෙන්ති නොමැති බව පෙන්වා දෙන සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ ඊට වඩා වැඩි මිලකට සිමෙන්ති මිලදී ගෙන ඉදිකිරීම් සිදුකළ නොහැකි බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan