‘පවුර’ පාසල් වටා අඛණ්ඩව ඉදිරියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වන බවට හඳුනාගත් පාසල් 4983ක් අවට පසුගිය මාස කිහිපය තුළ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකව වැටලීම් සිදුකර තිබෙන බව පොලිසිය පවසයි.

තදුරටත් මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට වාර්තාවන පාසල් 107 ආශ්‍රිතව වහාම මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඊයේ (06) උපදෙස් දී තිබෙන බව සඳහන් වේ.

එසේම තවත් පාසල් 434ක් ආශ්‍රිතව පාසල් දරුවන් නොමග යැවීමට හැකි ස්ථාන හඳුනාගෙන ඇති බැවින් ඒවා අවටද මෙහෙයුම් තවදුරටත් සිදුකරන ලෙසටද නියෝග කර තිබෙන බවද පැවසේ.

මත්ද්‍රව්‍ය සංසරණය සිදුවන සෑම පාසලක්ම කේන්ද්‍ර කරගෙන පිහිටුවනු ලැබූ ‘පවුර’සංසද කමිටු 5133ට අදාළ කමිටු සාමාජිකයන්ගෙන් ලබාගත් වාර්තා මත මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...