ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වී තිබේ.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා විසින් දයා සඳගිරි මහතාව සිය සමුද්‍රීය හා නාවික ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත.
දයා සඳගිරි මහතා 2001 ජනවාරි මස 1 වැනි දා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත් කරන ලද අතර වසර 53ක නාවුක හමුදා ඉතිහාසයේ වඩාත් පළපුරුදුම නාවුක හමුදාපතිවරයා ලෙස ද ඔහු ඉතිහාසයට එක්ව සිටී.
RN