*
Sunday, July 7, 2024
spot_img

Latest Posts

අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් ලබා ගැනීමේ ගිවිසුමක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): අද දින (07) මෙරට පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍යය වන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සදහා ගිවිසුම් ගත වීම  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු වූ බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  සහ අනුග්‍රහය දක්වන LDS Latter – day saints charities (USA) ආයතනය වෙනුවෙන් Mr. Mickey Lui – Area Welfare and Self-Reliance Director යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙම අත්‍යවශ්‍ය පිළිකා  ඖෂධ තොගයට ඖෂධ වර්ග 13 ක් ඇතුලත් වන අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වේ. පළමු අදියර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන මෙම අත්‍යවශ්‍ය පිළිකා  ඖෂධ තොගය මෙරට වර්ෂයක (01) පිළිකා ප්‍රතිකාර සදහා ප්‍රමානවත් වේ . දෙවන අදියර යටතේ මෙරටට අවශ්‍යය වන  තවත් ඖෂධ වර්ග තොගයක් ඉදිරි මාස කිහිපය තුළදී මෙරටට ලබා දීමට එම ආයතනය සැලසුම් කර ඇත.

මෙම පිළිකා  ඖෂධ තොගයට Abiraterone Acetate -250 mg tablet, Anastrozole 1 mg tablet, Capecitabine 50mg tablet, Carboplatin 450mg/45ml Vial 450mg Injection, Ciplatin 50mg /50ml vial 50mg  Injection, Dacarbazine 200mg vial 200mg Injection, Docetaxel 4mgVial  80mg Injection, Docetaxel 80mg/4mg Vial 80mg Injection, Irrinotican 100mg/5ml Vial 80mg Injection ඇතුලු තවත් පෙති වර්ග, එන්නත් වර්ග ඇතුලත් වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ඉතා විශිෂ්ට සේවාවක් වන බවත්, එය ප්‍රාථමික, ද්විතියික හා තෘතියික සේවාවක් ලෙස මෙරට ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බවයි. එයට ජාත්‍යන්තර ප්‍රසාදය පවා හිමිව තිබෙන බවත් කොවිඩ් අර්බුදය හමුවේ සහ වත්මන්  ආර්ථික අර්බුදය හමුවේ ද මනා සෞඛ්‍ය සේවාවක් මෙරට පවත්වාගෙන යාමට සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මනා කැපවීමෙන් කටයුතු කරන බව ද අවධාරණය කර සිටියේය.

විදෙස් නියෝජිතයින් අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් ගැටළු හමුවේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයට මනා නායකත්වයක් ලබාදෙමින් එම ගැටළු නිරාකරණය කර විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ගන්නා ප්‍රයත්නයට සිය ස්තූතිය පළ කරන බවයි. එමෙන්ම මෙරට ප්‍රධානතම පිළිකා ප්‍රතිකාර රෝහල වන මහරගම අපේක්ෂා රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා දායකත්වය ලබාදීමට ද  විදෙස් නියෝජිතයින් සිය කැමැත්ත පළ කර සිටියේය.

මීට පෙර අවස්ථාවකදී  LDS Latter – day saints charities (USA) ආයතනය මගින් මෙරට සුෂුම්නා ආබාධ සහිත රෝගීන්ගේ පරිහරනය  සදහා විශේෂිත රෝද පුටු 570,  සංචලන ආධාරක (Mobility aids)400 ක්, කෘතිම උපකරණ (Prosthetic items) 410 ක්  ලබා දෙන ලදී. මේ සදහා එම ආයතනය  වැය කල මුදල රුපියල් මිලියන 70 කි. එම උපකරණ  රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල , පොලොන්නරුව ජයන්තිපුර රෝහල, මහනුවර දිගන රෝහල, රිජ්වේ ආර්යා ලමා රෝහල, ගාල්ල මැලිබන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය, බදුල්ල කැන්දගොල්ල පුනුරුත්ථාපන මධ්‍යස්ථාන, වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානය, යන ආයතන වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවශ්‍යතාවය පරිදි බෙදා දෙන ලදී.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය  අසේල ගුණවර්ධන , වෛද්‍ය සැපයුම් අංශයේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස්, (LDS) Latter – day saints charities (USA) ජාත්‍යන්තර ආයතනය නියෝජනය   කරමින් Mr. Elder Johnson – First Counsellor of the Asia Aria Presidency යන මහත්වරුන් සහභාගී වූ බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan