ට්‍රම්ප් ඉදිරියේ ඇමරිකානු සෙනට් මණ්ඩලයත් බෙදෙයි. වාසිය ට්‍රම්ප් අත්පත්කර ගනී.

WASHINGTON, DC - JANUARY 03: The House of Representatives votes on Speaker of the House between Rep. Kevin McCarhty (R-CA) and Rep. Hakeem Jeffries (D-NY) in the House Chamber of the U.S. Capitol Building on Tuesday, Jan. 3, 2023 in Washington, DC. Today members of the 118th Congress will be sworn in and the House of Representatives will hold votes on a new Speaker of the House. (Kent Nishimura / Los Angeles Times via Getty Images)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග කලාපයම යුද්ධයකට ඇද දමමින් ඉරානයට එරෙහිව ක්‍රියත්මක වූ ඊශ්‍රායල් – ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාර පාලනය කර ගැනීමට එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයට නොහැකි වී තිබේ.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව යුද්ධයකට යාමට ඇමරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොහැකි වුවද එම එකඟතාවන් නොසලකා ජනාධිපති ට්‍රම්ප් කටයුතු කර තිබුණි.

විධිමත් යුද්ධ ප්‍රකාශ කිරීමකින් තොරව හමුදා ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට ජනාධිපතිවරයාට පුළුල් බලයක් තිබුණද, ප්‍රහාර ආරම්භ වී පැය 48ක් ඇතුළත කොංග්‍රසයට දැනුම් දිය යුතු අතර ඒ අනුව කොන්ග්‍රසය රැස්ව තිබුණු නමුත් ජනධිපතිවරයාගේ යුධ ක්‍රියාකලාපය පාලනය කිරීමට කොංග්‍රසයට හැකි වී නැති අතර කොංග්‍රසයේ මතයද ඛණ්ඩනය වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙහිදී කොංග්‍රසය 53 -47ක් ලෙස ට්‍රම්ප්ගේ මතය ජයගෙන තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හේගන් පවසා ඇත්තේ යුද්ධය සති 8ක පමණක කලයක් පවතිනු ඇති බවයි.