දේශීය ණය ප්‍රශස්තකරණය ගැන ආණ්ඩුව කොළේ වහලා ගැහුවාද? (VIDEO)

Date:

කොළඹ LNW: ජනතාවගේ බදු බර ඉවත් කරමින් රට සංවර්ධනය සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හඳුන්වා දුන් නමුත් එමගින් මහ බැංකුව සතුව තිබූ මූල්‍ය ශක්තිය බිඳ වැටුණු බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ආර්ථික අස්ථාවරත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර ඊට විසඳුම ලෙස රජය ජනතාවට බදු බර පැටවීමට ක්‍රියාකළ බවට රණවක මහතා චෝදනා කරයි.

සීනි, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය, ඩීසල්, පෙට්‍රල් ආදී ඉන්ධන මත සහ වෙනත් විවිධ ද්‍රව්‍ය මත අයකෙරෙන බදු වැඩි කර තිබෙන බවත් සේවක අර්ථසාධක අරමුදලේ පොළිය සීමා කිරීමට ද රජය පියවර ගත් බවත් පවසන මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ ඒ නිසා සාමාජිකයන්ගේ ප්‍රතිලාභ අඩුවී තිබෙන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...