සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 07 කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය ගැන විවිධ අයට විවිධ මත ඇත.ඒ ගැන ආරෝවක් නැත.එසේම රනිල් ගැන මහා ප්‍රසාදයක් මේ ලියුම්කරුටත් නැත.එහෙත් ලෝකය මේ රටේ නායකයා හැටියට පිළිගන්නේ රනිල් ය.ඒ නිසා මේ පොළවේ රාජ්‍ය සමඟ සමගාමීව යා යුතු ආයතනවලට රනිල් සමඟ වැඩ කිරීමට සිඳු වන්නේය.මෙහිදී පුරවැසියාට ද සිතූ සිතූ හැටියට රනිල්ට විරුද්ධ වෙන්න ඉඩ නැත.එහෙත් විරුද්ධ නොවී නොහැකි තැන් ආවිට එය කළ යුත්තේ බුද්ධිමත්වය.
රනිල් බුද්ධිය භාවිතා කළ හැටිත්,ශ්‍රී ලංකා ක්‍රිකට් බුද්ධිය භාවිතා කළ හැටිත් එකට ගැලපුණ අවස්ථාවක් පසුගිය දා දඹුල්ලේදි දුටුවේය.ඒ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීකරණය කර විවෘත කිරිමේ අවස්ථාවය.ඒ සඳහා රනිල් වික්‍රමසිංහ අවශ්‍යයමද? එය දේශපාලනය නොවේද?
මේ ආකාරයට ප්‍රශ්න නඟන බොහෝ අය පසුගිය දිනවල රොෂාන් රණසිංහගේ පදයට ශ්‍රී ලංකා ක්‍රිකට් නොරැඟූ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට දොස් කී පිරිස් ය.ඒ නිර්මාණශිලී පසුබිම තුළ සිට බලන සියලු දෙනාට ක්‍රිකට් ඇඳට පෙනීමේ වෛරසය තදින් කා වැදී ඇති නිසා මෙි සිඳුවීම ගැන අපට පේන්නේ ලෝක හොඳ හිත වෙනුවෙන් දෙගොල්ලන් දෙගොල්ලන්ගේ පිට හොඳින් කසා ගත් බවය.
ක්‍රිකට් තහනම් වී තිබුණේ දේශපාලන අතපෙවීම් මැද ය.එය ඉතා අසීරුවෙන් නිවැරදි තැනකට ගෙනවිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩාව භාර දේශපාලනය එක තැනකට පිවිස දැන් ක්‍රිකට් නිදහස් කරගෙක ඇත.එහි ඊ ළඟ පියවරේ දී ක්‍රිකට් දේශපාලනිකව සහ ක්‍රිකට් පරිපාලන වශයෙන් ඇති කරගත් එකඟතාව මූනිච්ඡාවට නොවූ එකක් බව ජාත්‍යන්තරයට පහදා දීමට මේ උත්සව අවස්ථාවට රනිල් ඒම අතිශයින් වැදගත්ය.අප කුමක් කීවත් ලෝකයට ඔහු මේ රාජ්‍යයේ නායකයාය.එම නායකයා රට පාලනය කරන අතර තුර යම් පරිපාලනයකට යටත්ව ඇති උත්සවයකට දුර බැහැර ගෙවාගෙන පැමිණීම යනු ලෝකයට පෙන්වන මිත්‍රත්වයේ පිංතූරය ඉතාම සුබදායකය.එය තව දුරටත් සැකයේ විමසුම් නෙතින් ශ්‍රී ලංකාව දෙස නොබැලිය යුතුය යන පණිවිඩය ජාත්‍යන්තරයට ලබා දෙන අවස්ථාවක්ය.
ඒ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙන්ම ලංකාවේ දේශපාලනයට ද අවශ්‍යය කටයුත්තකි.එතැනදී ක්‍රීඩා පණතෙ ලොක්කා මමය,ඒ නිසා මෙහෙම හිටු අරහෙම හිටු කියා පිම්බෙන්නට යාමට වඩා ලෝකය ඉදිරියේ ක්‍රිකට් පරිපාලනයට ඇති පිළිගැනීම සහ බලය ලෝකය ඒ රටේ දේශපාලකයාට නොදෙන බව දත් හරීන් වෙනස්ම ආකාරයේ දුස්රාවක් දැම්මේය.ක්‍රිකට් ආයතනය ඒ දුස්රාව හඳුනාගෙන පහර දෙන්න යනවාට වඩා කඩුල්ල රැකෙන විදිහට වැඩ කරන හැටි තේරුම් ගත්තේය.ඒ දුස්රාවේ පලය හැටියට හරීන් රනිල් ද සතුටු වන විදිහට ලකුණු ලබා ගත්තේය.
ජාතික වශයෙන් ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවය දඹුල්ලට එන්නේය.විවෘත කිරීමේ උත්සවයෙන් රනිල් වියදමක් නැතුව පුංචි දේශපාලන ව්‍යාපාරයක් පත්තු කර ගත්තේය.ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලනය විසින් අත පොවා විනාශ කරනවා යන මතයෙන් සහ ඒ සම්බන්ධ වූ මනස් සිතුවමෙන් ලෝකයේ දෑස් ඈත් කෙරුවේය.දැන් දෙගොල්ලම ගොඩය.රනිල් ශ්‍රී ලංකා ක්‍රිකට් පාවිච්චි කර දඹුලු ගොස් තලගොයි දඩයමකුත් කර ගත් බව පමණක් කෙනෙකුට සිතෙන්නට ඇත.හැබැයි රනිල්ගේ අතේ පමණක් නොව මේ ලියුම්කරුටනම් ශ්‍රී ලංකා ක්‍රිකට් අතද මරා ගත් කලගොයෙක් පෙනෙන්නේය.
මේ සම්බන්ධයෙන් මතය එක එක ආකාරයට එක එක අයට දකින්නට හැකිය.එහෙත් වඩා වැදගත් ක්‍රීඩාව සහ දේශපාලනය කමන්ගේ සීමාවන් හැඳිණ එක පෙළට ගමන් කර සීමාව හැඳිණ ඒ තැන්වල ඈත්ව සිටීමය.දඹුල්ලේ දී ඒ තත්ත්වය දකින්නට ලැබීම සතුටුදායකය.මං ඇමති මේක මට කරලා දීපං කියන තැනට නොවැටී,මේ වෙලාවෙම මට අරකත් කරගන්න ඉඩ දෙනවාද කියන එක කපටිකමට වඩා නූතණය.ඒ අතින් රොෂාන් රණසිංහ ට වඩා පියවර ගණනාවක් ඉදිරියේ සිට බලපෑම් කිරිමෙන් නොව ඉල්ලීම් කිරීමෙන් අවශ්යයතාවය කර ගන්න හරීන් දන්නේය.ක්‍රිකට් ක්‍රීඩාවේ දවා ගැනීමකට ඉල්ලීම් කරන්නට පුළුවන් නමුත් එය බලපෑමක් පරිදි කළහොත් තහනම් දඩයකට යටත් වන්නට සිඳු වන්නේය.හිටපු ඇමති කරගත්තේ ඒ දෙය ය.
මේ සටහනට අමතරව ඉදිරියට විවෘත කළ දඹුල්ලේ ක්‍රීඩාංගණයේ අලුත් තත්ත්වය ගැන වෙනම ලිවීමක් ඉදිරියේදී සිඳුවනු ඇත.එහිදී ත් මෙහිදී ත් කියන්නට ඇති වැදගත්ම දේ දඹුල්ල නවීකරණය යසයි යන්නය.එය ඉතාමත් දියුණු නූතණ ක්‍රීඩාව හා ගැලපෙන වෙනස්කම් සහිත ඉදිරිපත් කිරීමක් යන්නය.