මහනුවර දිස්ත්‍රික්කයේ අඩු බර පාන් වැටලීම පාරිභෝගික සේවා අධිකාරිය මගින්!

සටහන – නදීක දයා බණ්ඩාර

පෙබරවාරි 07,
මහනුවර (LNW): ප්‍රමිතියෙන් තොරව පාන් අලෙවි කිරීමේ ස්ථාන වැටලීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ බේකරි හා ව්‍යාපාරික ස්ථාන සෝදිසි කිරීම පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (06) සිදුවිය.

රජය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්රෑම් 450ක් විය යුතුවේ. එමෙන්ම අලෙවි මිල සඳහන් කළ යුතු වුවත් එම කොන්දේසි කඩ කරමින් පාන් අලෙවි කළ ස්ථාන රැසක් වැටලීමට එම අධිකාරී කාර්යාලය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉකුත් දෙදින තුළ මහනුවර නගරය, පේරාදෙණිය, පිළිමතලාව, වත්තේගම, පන්විල හා හුළුගග යන ප්‍රදේශවල වැටලීම් සිදු කළ අතර කොන්දේසි කඩ කර තිබුණු ව්‍යාපාරික ස්ථාන රැසකට නඩු පැවරීම එහිදී සිදුවිය.

ප්‍රමිතියෙන් තොර හා කොන්දේසි කඩ කරන ව්‍යාපාරික ස්ථාන වැටලීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත ඉදිරි දිනවලදීත් සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී තුෂාර රෑනපාන මහතා පැවසීය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...