9 වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ!

Date:

කොළඹ LNW:09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (07) රාත්‍රීයේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී චීන ජනාධිපතිවරයා 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹීමේ නිල ප්‍රකාශය සිදු කළා. මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරයයි. සාමය, සංවර්ධනය හා මිත්‍රත්වය කෙරෙහි ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරෙනවා.

ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා විවිධ රටවල නියෝජිත කණ්ඩායම්වල පොදු උත්සාහය යටතේ චීන හා ආසියානු ලක්ෂණයන්ගෙන් යුත් අසිරිමත් ක්‍රීඩා උළෙලක අත්දැකීමක් ලෝකයට සමීප කරමිනුයි මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල අතිඋත්කර්ශවත් ලෙස ආරම්භ වුණේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි සහ ඉතා තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක...

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...