ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්!

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ LNW :

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය නිල වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ.

ඇය මීට පෙර වසර හතරක කාලයක් එම ධුරයේ වැඩබලන නිලධාරිනිය ලෙස කටයුතු කළ අතර, මෙම ආයතනය තුළ දශක තුනකට අධික පරිපාලන පළපුරුද්දක් සතු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

මීට පෙර විධායක මට්ටමේ විවිධ ඉහළ තනතුරු හෙබවූ ඇයගේ පත්වීම ආයතනික ස්ථාවරත්වයට වැදගත් වේ.

කෙසේ වෙතත්, ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය තවමත් පුරප්පාඩුව පවතින බවත් රජය ඒ සඳහා මෙතෙක් කිසිවකු පත් කර නොමැති බවත් මෙහි වැඩිදුරටත් දැක්වේ.