මර්දනය තුළින් නම් රට පාලනය කරන්නේ ඒක හරියන වැඩක් නෙවෙයි – නාමල්

Date:

කොළඹ LNW: මර්දනය තුළින් රට පාලනය කිරීමට හැකි බවට ආණ්ඩුව සිතන්නේ නම් එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුවේ හැසිරීම පිළිගත නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

”අද ආණ්ඩුව හිතනවා නම් මර්දනය කරලා තමයි මේ රට පාලනය කළ හැක්කේ කියල ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි දැන් දැක්කනේ නීතිපති දෙපාර්තමේන්තුවට කරන වැඩේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසන්නත් අද ආණ්ඩුව කතා කරනවා. අධිකරණ අමාත්‍යවරයාත් අමතක නොකළ යුතුයි ඔහුත් නීතිඥවරයෙක්. ඔහුත් ජීවිතයෙන් අවුරුදු පහක් හරි කීයක් හරි ඉඳල අමත්‍යකම් අතහැරලා ආයේ උසාවි යන්න ඕනේ. ඒ යනකොට තමන් නියෝජනය කරන නීති වෘත්තීය අගෞරවයට ලක්කරලා, නීතිපති දෙපාර්තමේන්තුව අගෞරවයට ලක්කරලා නම් ඒ අමාත්‍යවරයා නැවත නීති වෘත්තියට යන්න හදන්නේ ඒ තුළ මේ රටේ සිස්ටම් එක බ්රේක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ කඩන් වැටෙනවා. ඒ නිසා අපිට පේනවා ආණ්ඩුව උත්සහ කරන්නේ මේ සිස්ටම් එක කඩා වට්ටන්න. යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝගයක් දෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. නාමල් රාජපක්ෂට අධි චෝදනා ගොනුකරන කොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. හැබැයි යෝෂිතට ඇප හම්බෙනකොට ප්‍රශ්නයක් තියෙනවා.යම්කිසි කාරණයක් මත නඩුවකට සාක්ෂි නැත්නම් ඔවුන් මුදාහරින කොට ඒ ආයතනය විවේචනය කරනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...