බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා නැවත පැමිණෙන බවට ආරංචියක් ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ නව රජය මාස හයකට පෙර හිටපු අගමැතිනි ෂීක් හසීනා නෙරපා හැරීමෙන් අනතුරුව ඇය නැවත සිය රටට පැමිණෙන බවට තහවුරු නොකළ ආරංචි පැතිර යමින් ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ ජුලි-අගෝස්තු මාසවල පැවති ශිෂ්‍ය විරෝධතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් වසර 15ක පාලනය අහිමි වූ ෂික් හසීනා දේශපාලන රැකවරණය පතා ඉන්දියාවට පලාගිය අතර ඉන් අනතුරුව නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක් බලගතු හමුදාවේ සහාය ඇතිව රට පලනය කිරීමට නායකත්වය ගත්තේය.

කෙසේ නමුත්, හසීනාගේ අවාමි ලීගය පෙබරවාරි මාසයේ මහා වැඩ වර්ජනයක් ඇතුළු විරෝධතා සඳහා සැලසුම් මෑතකදී නිවේදනය කර තිබු අතර ඊට විරෝධය පළකරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ හසීනා විරෝධී කණ්ඩායම්, බදාදා ඇගේ පියා වන බංග්ලාදේශයේ නිදහස් නායක ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ඓතිහාසික නිවස කඩා බිඳ දමන ලදී.

බංග්ලාදේශයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ අධිකරණයක් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා ඇති අතර යුනුස් ප්‍රමුඛ අන්තර්වාර රජය ඇය ඉන්දියාවෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා ඇතත් නවදිල්ලිය ඊට ප්‍රතිචාර දක්වා නැත.

මේවන විට බංගලාදේශයේ අන්තර්වාර රජය හසීනාගේ ආධාරකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගේ පක්ෂයේ ශිෂ්‍ය අංශය වන බංග්ලාදේශ ඡත්‍රා ලීගය තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...