පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරුවකු මරුට

Date:

පසුගිය මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව, එලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළෙකි.

මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන සිටි මෙම සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එසේ මහර බන්ධනාගාරයේ සිටි ඔහුට වැළඳී තිබුණු පිළිකා රෝගයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහුව මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...