“ජනනි “සමඟ රටවටා යාමට කැෆේ සංවිධානය සූදානම්

Date:

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහන  ඇරඹෙයි.

එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ දිවයිනේ තෝරාගත් පළාත් පහක් කේන්ද්‍ර කරගනිමින් 2022 පෙබරවාරි 09 වනදා සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි. මෙම වැඩමුළුව ඌව, දකුණු සහ සබරගමුව මෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට  සැලසුම් කර තිබේ. වැඩමූලුව අදියර 3ක් යටතේ පැවැත්වීමට නියමිතය.

මෙහි පළමු අදියරේදී ව්‍යෘපෘතිය හඳුන්වා දීම සහ සමාජ මාධ්‍යවල වගකීම සහ කාර්ය භාරය පිළිබඳව මෙන්ම මාධ්‍ය සාකච්ඡා සඳහා   පෙනී  සිටීම සම්බන්දයෙන් බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාව දැනුවත් කිරීමට අපේක්ෂීත අතර දෙවන අදියරේදී අන්තර්ජාල හිංසනය සහ ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම මෙම කාන්තාවන් වෙත ලබාදීමට නියමිතය. අවසන් අදියරේදී සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල හිංසනයට  අදාල නිතිය පිළිබඳව  දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.  එමෙන්ම මීට අමතරව මෙම වැඩමුළු  වලට සමගාමීව  බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ට ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ දේශපාලන නායකයින් හා සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ ගැටළු විසඳා ගැනීමටද අවස්ථාව උදාවන බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසහනේ උපදේශක මණ්ඩලය වශයෙන් සියලු පක්ෂ නියෝජනය කරමින් මහජන නියෝජිතවරියන් රැසක් කටයුතු කරයි. අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ , හිටපු ඇමතිනි ෆේරියල් අෂ්රෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීණියන් වන තලතා අතුකෝරල,රෝහිනී කවිරත්න,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නාගරික මන්ත්‍රිණි සමන්මලී ගුණසිංහ සහ කැෆේ සංවිධානය වෙනුවෙන් එහි පරිපාලන අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ සහාගි වෙයි.

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවගේ ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳ කැෆේ සංවිධානය මෙහෙයවූ සමීක්ෂණ දෙකකදී තහවුරු කරගත් කරුණු අනුව මෙම ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන ක්‍රියාත්මක බව මනාස් මකීන් මහතා සඳහන් කළේය.

මීට අදාල මූලික වටයේ සාකච්ඡා එක් එක් දිස්ත්‍රික්ක වල  සහකාර  මැතිවරණ කොමසාරිස් වරුන් සහ පළාත් පාලන කොමසාරිස්වරුන් සමඟ මේ වනවිට පවත්වා ඇති බව ද මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය. මෙම වැඩසහටන සමඟ සම්බන්ධ වීමට කැමති බිම් මට්ටමේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත කාන්තාවන් [email protected] යන ලිපිනයට ඊ මේල් පණිවිඩයක් යොමු කළ යුතු බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

(වැඩි විස්තර සඳහා අමතන්න මනාස් මකීන් (විධායක අධ්‍යක්ෂ ) 0776539793 )

මාධ්‍ය ඒ්කකය

කැෆේ සංවිධානය 2022 පෙබරවාරි 07 වන දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...