ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

Date:

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් ඊයේ (07) දිනයේදී රේණුකා වීරකෝන් මහත්මිය වෙත භාරදෙනු ලැබිණි.

රේණුකා වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි විවිධ තනතුරු දරමින් සේවයෙහි නිරත වූ ජ්‍යේෂ්ඨතම නිලධාරිනියකි.

වෘත්තියෙන් නීතීඥවරියක් වන ඒ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හා ව්‍යාපෘති කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධිය හදාරා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...