ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

0
893

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් ඊයේ (07) දිනයේදී රේණුකා වීරකෝන් මහත්මිය වෙත භාරදෙනු ලැබිණි.

රේණුකා වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි විවිධ තනතුරු දරමින් සේවයෙහි නිරත වූ ජ්‍යේෂ්ඨතම නිලධාරිනියකි.

වෘත්තියෙන් නීතීඥවරියක් වන ඒ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හා ව්‍යාපෘති කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධිය හදාරා ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here