වතුර ලීටරයක මිලත් රුපියල් 20කින් ඉහළට !

Date:

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය රජය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව රුපියල් 35ක් ව පැවති මිලිලීටර් 500 පානීය ජල බෝතලයක මිල රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ.

රුපියල් 50ක් ව පැවති ලීටර් 1 පානීය ජල බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 70 කි.

ලීටර් 1.5 ජල බෝතලයක මිල මීට පෙර රුපියල් 75ක් වූ අතර එහි නව මිල රුපියල් 90ක් වේ.

එසේම ලීටර් 5 ජල බෝතලයක මිල රුපියල් 200 දක්වාත් ලීටර් 7.5 ජල බෝතලයක මිල රුපියල් 240ක් දක්වාත් ඉහළ නංවා ඇති බවයි ශ්‍රී ලංකා ජල බෝතල් සංගමයේ සභාපති උපුල් සෙනරත් මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...