ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි,

0
333

කෙටි විරාමයකින් අනතුරුව
අප නැවතත් එක්වන්නේ
ශෝකයේ වැඩසටහනත් සමඟයි
සුපුරුදු පරිදි මෙවරත්
ප්‍රධාන අනුග්‍රාහකයා ඇයමයි

අද අපත් සමඟ එක්වන
අනාරාධිත අමුත්තා
අතීතයෙ සිට පැමිණි, මතකයි
අමුතුවෙන් හඳුන්වා දිය යුතු නෑ
ඔබට ඔහු හොඳින් හුරුපුරුදුයි

ඉතින් අපට කියන්න
මුලින්ම ඇයව දුටු දවස ගැන..
නැත්නම්,
මුලින්ම ආදරෙයි කියපු දවස ගැන..
ඒ ගැන දැනගන්න අපි හරිම ආසයි
වෙන්ව යන දවසෙදිත්
ආදරෙයි කිව්වලු නේද ඇය
ඇත්තටම ඒකනම් හරිම පුදුමයි

මතකද එදා හුළඟ හමපු විදිය..
මම ඇය දිහා බලන් ඉදපු විදිය..
තාම අද ඊයෙ වගෙමයි
ටවුම කෙළවර, මිනිස් ගඟ මැද
හිමිහිමින් ඇය
නොපෙනී ගිය විදිය..
ඔව්,
දැන් එය තිරය මත දිස්වෙයි……


මෙතෙක් වේලාවක් ශෝකය සමඟ
රැදී සිටි ඔබට තුති
දැන් නැවතත් විරාමයකට යා යුතු මොහොතයි
රැඳී සිටින්න අප සමඟම
හුදෙකලා නාලිකාවේ
තවත් වැඩසටහන් බොහොමයි

  • සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here