ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි,

Date:

කෙටි විරාමයකින් අනතුරුව
අප නැවතත් එක්වන්නේ
ශෝකයේ වැඩසටහනත් සමඟයි
සුපුරුදු පරිදි මෙවරත්
ප්‍රධාන අනුග්‍රාහකයා ඇයමයි

අද අපත් සමඟ එක්වන
අනාරාධිත අමුත්තා
අතීතයෙ සිට පැමිණි, මතකයි
අමුතුවෙන් හඳුන්වා දිය යුතු නෑ
ඔබට ඔහු හොඳින් හුරුපුරුදුයි

ඉතින් අපට කියන්න
මුලින්ම ඇයව දුටු දවස ගැන..
නැත්නම්,
මුලින්ම ආදරෙයි කියපු දවස ගැන..
ඒ ගැන දැනගන්න අපි හරිම ආසයි
වෙන්ව යන දවසෙදිත්
ආදරෙයි කිව්වලු නේද ඇය
ඇත්තටම ඒකනම් හරිම පුදුමයි

මතකද එදා හුළඟ හමපු විදිය..
මම ඇය දිහා බලන් ඉදපු විදිය..
තාම අද ඊයෙ වගෙමයි
ටවුම කෙළවර, මිනිස් ගඟ මැද
හිමිහිමින් ඇය
නොපෙනී ගිය විදිය..
ඔව්,
දැන් එය තිරය මත දිස්වෙයි……


මෙතෙක් වේලාවක් ශෝකය සමඟ
රැදී සිටි ඔබට තුති
දැන් නැවතත් විරාමයකට යා යුතු මොහොතයි
රැඳී සිටින්න අප සමඟම
හුදෙකලා නාලිකාවේ
තවත් වැඩසටහන් බොහොමයි

  • සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...