*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ලයිට් කපන එකවත් හරියට වෙලාවට කියන්න – ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, විදුලි අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකර පැය 24 පුරා ජනතාවට විදුලි සැපයුම ලබාදීම ආණ්ඩුවේ අරමුණ බවයි.

මෙම රැස්වීම අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ජනතාවට සිදුවන බාධා අවම වන පරිදි එය සිදුකළ බවයි. එසේම විදුලි කප්පාදුවක් සිදු කරන වේලාව පිළිබඳව ජනතාව කලින් දැනුවත් කළයුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

විදුලි කප්පාදුවක් සිදු කිරීමට පෙර ඒ පිළිබඳව අදාල ආයතන දැනුවත් කර අනුමැතිය ලබාගෙන සිදු කරන ලෙස ජනාධිපතිවරයා බළධාරීන්ට දැනුම් දුන් බවද ජගත් කුමාර මහතා පවසනවා.

විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඊට අදාල සියලු තොරතුරු මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම් දී නිසි අනුමැතිය ලබා ගත යුතුය. කෙසේ වෙතත් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී එම කොමිසමේ අනුමැතිය ලබා නොගෙන ජනතාව දැනුවත් කිරීමකින්ද තොරව විදුලි කප්පාදු සිදු කෙරිණි. මේ නිසා ජනතාව සිටින්නේ ඕනෑම මොහොතක විදුලි කප්පාදුවක් බලාපොරොත්තුවෙනි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan