*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන් ගැන දැඩි පියවර

විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් හෝ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් හෝ වැඩ තහනමට ලක්වන නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන්ගේ විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වනතෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව සලකා නොබැලීමට තීරණය කර ඇති බවයි.

මෙවැනි නිළධාරීන් තවදුරටත් සේවයේ තබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා සෙසු නිළධාරීන්ගේ කීර්තිනාමයට හානිකර බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වැඩ තහනමට ලක්වන නිළධාරීන් වරදකරුවන් වන්නේ නම් ඔවුන් සේවයෙන් පහ කිරීමටද තීරණය කර ඇති බවයි චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිට සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් දැනුවත් කර තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan