වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන් ගැන දැඩි පියවර

Date:

විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් හෝ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් හෝ වැඩ තහනමට ලක්වන නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන්ගේ විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වනතෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව සලකා නොබැලීමට තීරණය කර ඇති බවයි.

මෙවැනි නිළධාරීන් තවදුරටත් සේවයේ තබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා සෙසු නිළධාරීන්ගේ කීර්තිනාමයට හානිකර බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වැඩ තහනමට ලක්වන නිළධාරීන් වරදකරුවන් වන්නේ නම් ඔවුන් සේවයෙන් පහ කිරීමටද තීරණය කර ඇති බවයි චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිට සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් දැනුවත් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...